
ෂේන් සෙනෙවිරත්න
ශ්‍රී ලංකා තනාපති සේවයේ අභිනවයෙන් වැඩ බාර ගැනීමට නියමිත විදෙස් රටවල් 17 ක තානාපතිවරු හා මහ කොමසාරිස්වරු පිරිසක් අද සවස ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්හ.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් පිළිගත් අතර ආගමික වතාවත්වලින් පසු ශ්‍රී දළදා මාලිගාවේ පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරය නැරඹීම සඳහා ද එම පිරිස අවස්ථාව සලසා දුන්නේය.
ශ්‍රී දළදා මාලිගාවේ රන් ආයුධ මණ්ඩපය පරිශ්‍රයේදී තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් වෙත දියවඩන නිලමේවරයා සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කරනු ලැබීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්!! තානාපති සේවය සඳහා ඒ රටවල් වලින් එවන්නේ මේ වගේ විකාර වැඩ කරන්න නොවෙයි. පේන්නේ නැද්ද? ඒ අයටත් මේවා දැකලා සසර කලකිරිලා වගේ ඉන්න හැටි... මොනවා කරන්නද ඉතින්..? වවුලගේ මගුල් ගෙදර ගියා වගේ එල්ලිලා ඉන්නවා ඇති..
ශ්‍රී ලාංකිකයින්ටත් මේ අවස්ථාවන් ලබාදෙන්න.