ෂේන් සෙනෙවිරත්න
ශ්‍රී ලංකා තනාපති සේවයේ අභිනවයෙන් වැඩ බාර ගැනීමට නියමිත විදෙස් රටවල් 17 ක තානාපතිවරු හා මහ කොමසාරිස්වරු පිරිසක් අද සවස ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්හ.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් පිළිගත් අතර ආගමික වතාවත්වලින් පසු ශ්‍රී දළදා මාලිගාවේ පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරය නැරඹීම සඳහා ද එම පිරිස අවස්ථාව සලසා දුන්නේය.
ශ්‍රී දළදා මාලිගාවේ රන් ආයුධ මණ්ඩපය පරිශ්‍රයේදී තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් වෙත දියවඩන නිලමේවරයා සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කරනු ලැබීය .
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වැඩ බාර ගන්න පෙර දළදා මාලිගාවට පැමිණ
බද්රානි Thursday, 02 February 2023 10:19 PM
අනේ පව්!! තානාපති සේවය සඳහා ඒ රටවල් වලින් එවන්නේ මේ වගේ විකාර වැඩ කරන්න නොවෙයි. පේන්නේ නැද්ද? ඒ අයටත් මේවා දැකලා සසර කලකිරිලා වගේ ඉන්න හැටි... මොනවා කරන්නද ඉතින්..? වවුලගේ මගුල් ගෙදර ගියා වගේ එල්ලිලා ඉන්නවා ඇති..
Kanchana Saturday, 04 February 2023 07:22 PM
ශ්‍රී ලාංකිකයින්ටත් මේ අවස්ථාවන් ලබාදෙන්න.