
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරුපැදියක සඟවාගෙන නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදුණු වැඩ තහනමට ලක් කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
එම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සමඟ නීති විරෝධී මත්පැන් මිලිලිටර් 3750 ක් පොලිස් භාරයට ගෙන ඇත.
බණ්ඩාරගම වීදාගම ප්‍රදේශයේ පදිංචි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදෙන බවත් ඔහු සිය යතුරුපැදියේ අසුන යට සඟවාගෙන විවිධ ස්ථානවලට ලැබෙන ඉල්ලුම පරිදි ප්‍රවාහනය කරමින් මත්පැන් අලෙවියේ යෙදෙන බවත් බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරකට අනුව බණ්ඩාරගම- ජාතික පාසල අසලදී මත්පැන් සමඟම අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර උප පොලිස් පරික්ෂකවරයා බොරැල්ල පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී මත්පැන් පානය කර රාජකාරි කිරීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්වූ නිලධාරියකු බවත් මීට පෙර විවිධ විෂමාචාර ක්‍රියාව හේතුවෙන් අවස්ථා ගණනාවකදී වැඩ තහනමට ලක්ව ඇතැයිද බවත් පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කරන්නද ඉතින් ජීවත් වෙන්නත් එපැයි...
ෆෝන් එක සාක්කුවේ දාගන්නවා අංක තහඩුව වැහෙනවා වැටලිමක් වෙනවා නම් ගිහිල්ලා දැනුවත්කර බේරා ගන්නවා අනෙක් වෙලාවට කාන්තාව කියන වචනෙට මුලින් අකුරු දෙකක් යෙදූ තැනක් ළග සුදුඉර මුරට ඉන්නවා ඉස්සර නම් බෙහෙත් කඩවලට මහ දවාලෙ ගිහිල්ලා හොදට සප්පායම් වෙලා යනවා... කාලෙකින් ඒවා නම් දැක්කේ නැහැ. ඔහුගේ පිහිටෙන් දිනකට ලක්ෂ පහක් පමණ උපයන එකා ආදායම් බදුත් නැතුව ජයටම කරනවා. ඒ නිළයත් ඔය කියපු තනතුරේ වෙන්න ඇති රාජකාරි වෙලාවේ තමයි කරන්නේ..
මං හිතන්නේ මෙයා පොලිසියේ ඉන්න කාලෙත් part time ඔය job එක තමයී කරන්න ඇත්තේ...?