
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරුපැදියක සඟවාගෙන නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදුණු වැඩ තහනමට ලක් කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
එම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සමඟ නීති විරෝධී මත්පැන් මිලිලිටර් 3750 ක් පොලිස් භාරයට ගෙන ඇත.
බණ්ඩාරගම වීදාගම ප්‍රදේශයේ පදිංචි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා නීති විරෝධී මත්පැන් ජාවාරමේ යෙදෙන බවත් ඔහු සිය යතුරුපැදියේ අසුන යට සඟවාගෙන විවිධ ස්ථානවලට ලැබෙන ඉල්ලුම පරිදි ප්‍රවාහනය කරමින් මත්පැන් අලෙවියේ යෙදෙන බවත් බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරකට අනුව බණ්ඩාරගම- ජාතික පාසල අසලදී මත්පැන් සමඟම අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාර උප පොලිස් පරික්ෂකවරයා බොරැල්ල පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී මත්පැන් පානය කර රාජකාරි කිරීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්වූ නිලධාරියකු බවත් මීට පෙර විවිධ විෂමාචාර ක්‍රියාව හේතුවෙන් අවස්ථා ගණනාවකදී වැඩ තහනමට ලක්ව ඇතැයිද බවත් පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැඩ තහනම් වූ එස් අයි කසිප්පු ජාවරමේ යෙදිලා
රාළහාමි Monday, 29 September 2025 02:23 PM
මොනවා කරන්නද ඉතින් ජීවත් වෙන්නත් එපැයි...
Kithsiri Monday, 29 September 2025 02:54 PM
ෆෝන් එක සාක්කුවේ දාගන්නවා අංක තහඩුව වැහෙනවා වැටලිමක් වෙනවා නම් ගිහිල්ලා දැනුවත්කර බේරා ගන්නවා අනෙක් වෙලාවට කාන්තාව කියන වචනෙට මුලින් අකුරු දෙකක් යෙදූ තැනක් ළග සුදුඉර මුරට ඉන්නවා ඉස්සර නම් බෙහෙත් කඩවලට මහ දවාලෙ ගිහිල්ලා හොදට සප්පායම් වෙලා යනවා... කාලෙකින් ඒවා නම් දැක්කේ නැහැ. ඔහුගේ පිහිටෙන් දිනකට ලක්ෂ පහක් පමණ උපයන එකා ආදායම් බදුත් නැතුව ජයටම කරනවා. ඒ නිළයත් ඔය කියපු තනතුරේ වෙන්න ඇති රාජකාරි වෙලාවේ තමයි කරන්නේ..
Kr Monday, 29 September 2025 05:58 PM
මං හිතන්නේ මෙයා පොලිසියේ ඉන්න කාලෙත් part time ඔය job එක තමයී කරන්න ඇත්තේ...?