(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ යසන්ත ආරියසේන)
වෑන් රථයකින් හා යතුරු පැදියකින් පැමිණී නාදුනන පුද්ගලයින් පිරිසක් අද (04) හක්මන කැඹිලියපොල ප්‍රදේශයේ දී හක්මන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට වෙඩි තබා , පිහියකින් ගෙල කපා ඝාතනය කර ඇති බව හක්මන පොලීසිය පවසයි.
ඉඩම් ගණුදෙනුවක් ගැන කතා කිරීමට ගොස් සිටි අවස්ථාවේදී එසේ ඝාතනයට ලක්ව තිබුණේ හක්මන නරවැල්පිට උතුර අඹගහවත්තේ පදිංචිව සිටි ලොකු හකුරුගේ ශාන්ත නොහොත් මැණික් ශාන්ත (53) නැමැති ව්‍යාපාරිකයෙකි.
ඔහු හක්මන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකි.
ඔහු ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු හා තවත් දෙදෙනෙකු සමඟ හක්මන කැඹිලියපොල ප්‍රදේශයට ගොස් අදාල ඉඩම විකිණීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින අතරතුර වෑන් රථයකින් හා යතුරුපැදියකින් පැමිණී බව කියන නාදුනන පුද්ගලයින් පිරිසක් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පිහියකින් ගෙල කපා ඝාතනය කර තිබෙන බව කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ඉතාම අවාසනාවන්ත සිද්ධිය මේ ජරාජීර්ණ දේශපාලනය සඳහා පාවිච්චි කරන්න නම් එපා...
රාජපක්ෂට ජය වේවා...!!!
ඒත් රටටවත්, ජනතාවටවත් කරන කිසිම සේවයක් නැහැ. මහජන මුදල් කොල්ල කන එක තමා කරන්නේ... 225 ටම කරන්න කෙනෙක් නැහැනේ ලංකාවේ..
මහ ජනයාගෙන් කොල්ල කන එක තමයි රටට ජනතාවට කරන සේවය කියන්නේ. ඒ උතුම් සේවයට තමයි අපි උන්නැහේලට ඡන්දෙ දෙන්නේ. ඒකට කැමති නැත් නම් අයසෞදි අරාබියේම හිටපන්!
මෙන්න අපේ ජනතා නියෝජිතයෝ 99% ක් ම මුන් දූෂතයෝ. මේකේ අරුමය තියෙන්නේ මේ අයව තෝරලා යවන්න්නෙත් මාලදිවයිනේ වත් ඉන්දියවෙවත් ජනතාව නෙමෙයි අපේම බත් කන හරක් ! මේ රටට විනාශවෙලා තියෙන්නේ ඕක හින්ද !