
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජයේ සේවකයන්ට අයවැයෙන් දුන් රුපියල් 10000 ම වැය වන්නේ වැඩි කරන ලද බදු ගෙවීමට සහ වැඩි කළ ආහාර මිලදී ගැනීමට බව ජාතික ජනබලවේගයේ පත් කළ මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
ඒ අනුව පඩිය වැඩි කිරීමෙන් රජයේ සේවකයන්ට කිසිම ප්‍රතිලාභයක් අත් නොවන බවද අමරසූරිය මහත්මිය කීවාය.
"මේ විප්ලවීය අය බව ආණ්ඩු පාර්ශවය කියනවා.මෙහි සුරංගනා කථා හැර කිසිම විප්ලවීය බවක් නම් පේන්නේ නෑ.
දැන් අයවැය යෝජනාවලට පෙර පාපොච්චාරණයක් කරන්න පුරුදු වෙලා තිබෙනවා.දශක ගණනාවක වැරදි පෙන්වා දෙමින් වැරදි නිවැරදි කළ යුතු බවට 2023 වසරේ දීත් කිව්වා.මේ අලුත් බව මොකක්ද කියන එක ප්‍රහේලිකාවක්.
රට අර්බුදයට මුහුණදීම සඳහා ගෙන තිබෙන අලුත් යෝජනා මොනවාද කියා කිසිසේත් පැහැදිලි නැහැ.
අයවැය පරතරය මග හැරීම සඳහා තිබෙන සම්පත් විකිණීම, බදු අය කිරීම, හැරෙන්න වෙන කිසිම යෝජනාවක් ඉදිරිපත් කර නැහැ"

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිනි, 1971 ඉදල රටේ පාලන බලය ගන්නවත් උපායක් නොදන්න ඔයාල මේ රට හදනව කියන්නේ තවත් විහිළුවක්.. ඔයාල දන්නවා මිනීමරන්න, බස් ගිනිතියන්න, ට්‍රාන්ස්පෝමර් පුපුරවන්න....දන්නැත්නම අන්රයියගෙනුයි ටිල්වින් අංකල්ගෙනුයි අහන්නකො.....
පිනාගේ සුරංගනා කතාවලට රැවටෙන්නේ නැති රවටන්න බැරි පිරිස ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු
විවේචනය පැත්තක තබා, ප්‍රායෝගික විකල්ප, විසඳුම් ඉදිරිපත් කළා නම් නේද හොඳ?
අනේ හරිනි ඔයගේ මොලේ ඔය තරම්ම ටිකිරියි කියල අපි හිතුවේ නැහැ . වැටුප් වැඩිකරන්න වෙන්නේ භාණ්ඩ වල මිල ඉහල යන නිසා බව ඔයා දන්නේ නැතිද? නැත නම් මොකටද වැටුප් වැඩි කරන්නේ. අනික නිකං ගැලරිය පිනවන කතා කියන්න එපා හලෝ. බදු නැතිව මොන කෙන්ගෙඩින්ද හැම මගුලම නිකන් දෙන්නේ කියල ඔයාගේ ටිකිරි මොලේ තව ටිකක් මෝරනකොට තේරේවි .
ඇයි දැන් මුලු ලංකාවටම බදු ගෙවන්නේ ආන්ඩුවේ සේවකයන් විතරද? පුද්ගලික අංශයේ මිනිස්සු පණ යනකන් වැඩ කර කර බදු ගෙවනවා. දාහක් නෙමෙයි සත දහයක් වැඩි කරන්න හොද නැහැ. වැඩක් කරගන්න ආණ්ඩුවේ කාර්‍යාලයකට ගියොත් හරිනිට උන්දැලා වෙනුවෙන් කට ඇරිය එකට ලැජ්ජා හිතේවි. හැම සේවකයෙක්ම පැයට ඈනුම් දහදාහක් යවනවා.
රජයේ සේවකයින්ට රුපියල් 10000 හරි තියෙනවා... සාමාන්‍ය මිනිස්සුන්ට...?
ජෙප්පෝ බලයට ආවොත් බදු නැති කරනවාද? පඩි වැඩිකරනවාද? පඩි වැඩිකර රටේ ලක්ෂ දහයක පමණ රජයේ සේවකයින්ට සහන සලසන්න රටේ සෙසු ජනතාවට බදු ගැසීම සාධාරණද? පඩි වැඩි උනාම එකටත් එක්ක බදු ගෙවන්න ඕනේ. ඉයුරෝ 500 මාසික වැටුප් වැඩිවීමක් ලැබිලා 260 ම බදු වලට කැපුනා ඔන්න ඔහොමයි අයර්ලන්තේ බදු ගැහිල්ල. කැනඩාවේ Federal රජයට බදු ගෙවලා provincial රජයත් ඒ හා සමාන බද්දක් ගෙවනවා. ඔන්න ඔහොමයි අපි බදු ගෙවන්නේ. මිනිරන් ග්‍රැෆයින් කළාමත් බදු ගෙවන්න වෙනවා.
මොණර ඔයකියන බලවේගයට කඩේ යන්නෙ නිකං කන්න බලං ඉන්න ඔයා වගේ පිනාල කණ්ඩායමක් තමයි.
ජාතික ජන බලවේගයට ජයවේවා !!!
මොනවා හරි වැඩි කරනවා නම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරලා කියලා කියවනවා. වැඩි කරාම වැඩි කරා කියලා කෑ ගහනවා. මොවුන් නම් මහ දෙපිටකාට්ටු පිරිසක්. JVP එක කරපු හරිය 1990ට පස්සේ ඉපදුණු අය දන්නේ නෑ... LTTE එකට වැඩි හානියක් JVP එක මේ රටට කරා... ඒක නිසාම තමයි මොවුන් පක්ෂයේ නමයි ලකුණු දෙකම වෙනස් කළා...
හරිනි ඔයා ඕලෙවල් ගණන් ෆේල්ද? අපි දන්නා ගණිතය අනුව නම් මෙම වැටුප් වැඩිකිරීමට පෙර රු 89500 ක වැටුපක් ලබපු රජයේ සේවකයෙක් අදාළ වැඩි කිරීමෙන් පසු රු 99500 ක වැටුපක් ගන්නවා . නමුත් එයාගේ වැටුප රු ලක්ෂයට වැඩි නිසා බදු ගෙවන්න වෙන්නේ නැහැ .අති විශාල රජයේ සේවකයින් පිරිසක්ම ඉන්නේ මෙන්න මේ ඛාණ්ඩයේ . ඔයාගේ අවබෝධයේ තරම් ගැන අපිට හරි පුදුමයි . බලන් යනකොට ඔයත් අර ටෙලිපෝනයේ වට්ටි අම්ම වගේනේ . අපරාදේ ඔයාගේ ආචාර්ය උපාධිය