
(නිපුන් ගරුක)
ජනාධිපත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රචාරණ වැඩසටහන් වෙනුවෙන් "වැඩ කරන අපේ විරුවා" තේමා ගීතය නිර්මාණය කළ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන පසන් ලියනගේ ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.
ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳ සදහන් කර ඇත.
තමන් කිසිදු දේශපාලන පක්ෂයකට සහය නොදෙන බවත්, ගීතයක් නිසා අපහසුතාවයට පත් වුනා නම් සමාවන ලෙස ඉල්ලා සිටින බවත් ඔහුගේ සටහනේ දක්වා තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් අවුරුද්ද වෙනකොට කඩේ ගිය කවුරුවත් හොයාගන්න බැරි සීන් එකක් තියෙන්නේ...
තමන් කළ වැඩක් ගැන ආත්ම ශක්තියක් තියෙන්න ඕනෑ. කොන්දක් තියෙන්න ඕන. මේකට සමාවගත යුතු නැහැ. එදාට තිබුණු තත්ත්වය අනුව හරි වෙන්න පුළුවන්... අදට වැරැදි වුණාට.. අද අපි ගන්න තීරණය මොනවා වුණත් ඉදිරියේදී එය හරි යයිද වැරදෙයිද දන්නේ නැහැ. ඒක එහෙම තමයි...
ගීතයක් ලියා ඒ වෙනුවෙන් බරපැනක් ලබාගත්තාට කමක් නැහැ. ඒ්ත් රටක්, ජනතාවක් නොමග යාමට මේ ගීතයේ රිද්මය දායකවූවා නම් ඒ ගැන නම් කණගාටු නොවී බැහැ...
ගිරිය පුප්පන් කඩේ ගිහින් හරියට අපි කඩේ ගියා වගෙයි මෙයැයිගෙ කතාව
මෙච්චර කාලයක් මීක් නැහැ. ජනතා නැගිටීම දැක්කාම තමයි සමාව ගන්න මතක් වුණේ...
කවුරු මොනවා කීවත් ඒ මනුස්සයා රට බාර ගන්නකොට රටෙන් බාගයක් හප කරලනේ තිබුණේ...!
කරන්න දෙයක් නෑ සහෝදරයා..ඔබ විතරක් නොවේ මාත් ඇතුළු හැට නවලක්ෂයක් ජනතාව රැවටුනා.ශ්‍රී ලංකාවට ඉතාමත්ම ආදරේ කරන ජනතාව රැවැට්ටුවා..ශ්‍රී ලංකාවට ආදරේ කරන්නේ ලාංකිකයෝ පමණක් නොවේ.ශ්‍රී ලංකාවට ආදරය කරන විදේශිකයෝ අප්‍රමාණයක් ඉන්නවා.මහමෙරක් තරම් බලාපොරොත්තු තියාගෙන අප පත් කරපු නායකයා ඉතාමත්ම නිර්ලජ්ජිත අසත්පුරුෂයෙක්.අපගේ මාතෘ භූමිය වෙනුවෙන් නැවත ගීයක් ලියන්න...එයයි මගේ ආරාධනය...!
චමින්ද බංඩාර ඔබ හරි..මේ රට භාරගන්නකොටම හිටපු බත්බැලයො ටික කාලා නෙ තිබුනෙ..
සමාව ගත්තට වැඩක් නැහැ මොකද රටට කියපු වස්කවිය වාර ලක්ෂ ගණනක් කියවෙලා දැනුත් සමහරක් එවුන් කියනවා ඒ නිසා එම කවියේ දොස් යන්න නැවතත් සෙත් කවියක් සකසා එලෙසම කියවීමට පියවරක් ගත යුතුය
රට බේරගන්න ජීවිතය පරදුවට තබා වෙහෙසුනේ ෆොන්සේකා මැතිතුමා එහෙම වෙලා තියෙද්දි වෙනත් කෙනෙක් ප්‍රොමෝසන් කිරීමට ස්වභාව ධර්මයා දුන්නු දඩුවමක් තමා දැන් රටේම ජනතාව විදවන්නෙ
මේ රට මේ උගුලෙන් ගැලවෙන්න නම් ආණ්ඩුවෙ රස්සා කරගෙන ජීවිතේ ස්ථිර කරගන්න හිතන රටාව බැහැර කළ යුතුයි. මොකද කිව්වොත් ආණ්ඩුවෙ රස්සා බොහෝවිට ඇමතිලා පස්සෙ ගිහින් ලබාගෙන අතිරික්තයක්ව ඇති සාමාන්‍යය සේවක සංඛ්‍යාව හේතුවෙන් නිකන් ඉදගෙන පඩිගන්නා තත්වයක් සමහර ස්ථානවල බහුල නිසයි. තාමත් කැපවී වැඩ කරන ටික දෙනෙක් ඉන්න බවත් නොකියාම බැහැ. ඒ වගේම දේශපාලනය නිසා වැඩියෙන්ම ආත්ම වංචාව කරන්නෙ උගතුන් නොහොත් මධ්‍යම පාන්තික කණ්ඩායමත් ධනවතුන් යැයි සම්මත ඉහළම කණ්ඩායමයි. දුප්පතුන් අසරණ කරමින් මේ මගඩිවල කොටස් කරුවන්වීම ගැන තමන් ලැජ්ජාවිය යුතුයි.
කලාකරුවෝ තම කලා කටයුතු ඉතා සිහිකල්පනාවෙන් කළ යුතුයි. ඔබගේ නිර්මාණ තුළින් තමාගේත්, අනුන්ගේත් රාගය, ද්වේෂය, මෝහය නම් ඇවිස්සෙන්නේ, එය ඔබේත් අනුන්ගෙත් දුක පිණිසම පවතින බව හොඳින් වටහා ගන්න. ගෝතම සම්බුදුරජාණන් වහන්සේගේ සුත්‍ර දේශනා මතකයේ තබාගන්න. පසුතැවීම නිශ්ඵලයි.
අළුත් වර්ශන් ඒකක් හදමු