IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වැටුප් වැඩි කළ සතුටට දරුවන්ට අයිස් පලම්

(නිමල් ප්‍රේමචන්ද්‍ර)

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමෙන් පසු ලබාගත් පළමු වැටුපෙන් නිකවැරැටිය අවුලේගම සංඝබෝධි මැදි විදුහලේ ගුරුවරු දරුවන්ට අයිස් පලම් දන්සලක් දුන්හ.

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති කළ දැවැන්ත වර්ජනයක ප්‍රතිඵලයක් ලෙස වැඩි වූ වැටුපින් කොටසක් මෙම මස සිට ගුරුවරුන්ට සහ විදුහලුපතිවරුන්ට ලබා දීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

එසේ වැටුප් ලැබීමේ සතුටට ගුරුවරුන් එසේ අයිස් පලම් ලබා දී ඇත.



අදහස් (14)

වැටුප් වැඩි කළ සතුටට දරුවන්ට අයිස් පලම්

Wids Tuesday, 25 January 2022 05:37 PM

කැරට් ටිකක් දුන්නොත් නරකද? මොකද දරුවන් අතකොලුවක් කරන් තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න එක සාධාරණීකරණය කරන්න පුළුවන්නේ... කොහොමද රටේ හමුදාවත්... ඔහොම හිතුවොත්...? අපේ වැටුප් විෂමතා ඉවත් කරන කල් අපි වැඩ කරන්නේ නැහැ කියලා...

:       108       44

sathyapalaWednesday, 26 January 2022 04:36 PM

ගුරුවරු තමන්ගේ අතින් වියදම් කරගෙන ළමයින්ට ඔන්ලයින් ඉගැන්නුවා. ඒ විතරක් නෙවෙයි.. පාසල් පටන් ගත්තුදාට පහුවෙනිදා ඉඳලා වර්ජනය අතහැරලා පාසලට පැමිණියා. ඒ නිසා ගුරුවරුන්ට බොරුවට චෝදනා කරන්න එපා. දරුවන් අතකොලුවක් කරගෙන ප්‍රශ්නය යට ගහන්න හැදුවේ මේ දූෂිත ආණ්ඩුවයි.

:       9       17

මුල් ගුරු Tuesday, 25 January 2022 06:03 PM

ළමයින්ට අයිස්පලම් දීලා හරියන්නේ නැහැ. දැන්වත් ටියුෂන් නොයවා දරුවන්ට උගන්වන්න. නැත්නම් ඉතින් ජනතා මුදලින් කාලා බීලාම හරියන්නේ නැහැ. ඒ ගමන්ම තම තමන්ගේ තනතුර, උපගුරු කියා නොකියන්න...

:       19       121

යෝගා Tuesday, 25 January 2022 06:08 PM

ළමයින්ට කරපු පාඩුවට සමාව ගන්නත් එක්ක වෙන්නැති... අනිත් අයත් මොන මොනවා හරි කරන්න...!

:       22       90

Bamunuarachchi Tuesday, 25 January 2022 07:23 PM

ඔය ගොල්ලෝ අයිස්පලම් කනවා... අපි බදුවලින් ඕවා ගෙවනවා...

:       28       115

බුම්මන්නාThursday, 27 January 2022 10:19 AM

අයිස් පලම් කනවා නෙමෙයි කවනවා...

:       0       0

Pradeep Kumara Wednesday, 26 January 2022 08:44 AM

වැඩේ නම් හොදයි. නමුත් වර්ජන කාල සීමාව තුළදී ළමයින්ට සිදුවූ ඉගෙනීමේ අපහසුතා මඟහරවා ගැනීම සඳහා හැකි උපරිමයෙන් පාසල් කාලය තුළදී සහ පාසල් වේලාවෙන් පසුව හෝ ඉගැන්වීමේ ක්‍රමවේදයක් සකසා දැන්වත් වැඩ කරන්න පටන් ගන්න. මුදල් අයකර නොවෙයි. මොකද ඔයාලගේ වර්ජන කාලයටත් වැටුපක් ලැබුවානේ... මේ තියන ආර්ථිකයත් එක්ක ළමයින්ව ටියුෂන් යවන්න තරම් හැකියාවක් බොහොමයක් දෙමව්පියන්ට නෑ...

:       0       1

දිමුත් Wednesday, 26 January 2022 09:15 AM

දැන් තාම සල්ලිවලට ටියුෂන් කරනවාද එතකොට..?

:       0       1

jayasekara Wednesday, 26 January 2022 09:47 AM

එතකොට අර මාස ගණනාවක් ළමයි අමාරුවේ දැම්මා ස්ටාලින්ට... මොනවද? සියලු ගුරුවරුන්ගේ වැටුපෙන් කොමිස් දෙන්න වෙයි ජරාවක් විදිහට...!

:       0       1

sharm warn Wednesday, 26 January 2022 12:31 PM

මොනවා කලත් දරුවෝ ගැන බලන්නේ ගුරුවරු තමයි .ගුරුවරුන්ට මම නම් සදා කල් ගරු කරනවා

:       8       16

Anura Pasquel Wednesday, 26 January 2022 04:48 PM

මට මේ ප්‍රතිචාර දකින කොට පුදුම හිතෙනවා. තමන් ආසකරන දේශපාලුවා කෝටි ගණන් මහජන මුදල් කොල්ල කනකොට සාධුකාර දෙන මිනිස්සු ගුරුවරුන්ගේ පඩිපතට හූල්ලනවා. මෙහෙව් රටකට මෙහෙම වෙන එක අරුමයක්ද?

:       5       14

Rohana Wednesday, 26 January 2022 05:18 PM

රටේ ජීවන වියදමත් එක්ක බලන කොටත් ලොකු ලොක්කන්ගේ වැටුප් විෂමතා නිවැරැදි කරන එකත් සමග සසඳනවිට මේක අතිවිශාල වැඩිවීමක් ලෙස සලකන්න බැහැ...

:       0       10

Jayawardana Thursday, 27 January 2022 06:14 AM

ඉතාම හොඳ ක්‍රියාවක්... ගුරුවරුන් කියන්නේ දරුවන් ගැන හිතන ඔවුන්ගේ අවශ්‍යතා ගැන සොයාබලන පිරිසක් බව මෙයින් ඔප්පු වෙනවා..."!

:       1       1

ඇන්ටන් පෙරෙරා Thursday, 27 January 2022 08:05 AM

ළමයි මොනතරම් සතුටු වෙන්න ඇද්ද? දුෂ්කර පාසැල්නේ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 253 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site