(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියානු සාගර කලාපීය සංගමයේ (අයි.ඕ.ආර්.ඒ) එළඹෙන 11 වැනිදා කොළඹදී පැවැත්වෙන ප්‍රධාන අමාත්‍ය සමුළුව සඳහා සහභාගී වන රටවල් 16 ක අමාත්‍යවරුන් අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතාද සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
ඉන්දියානු සාගර කලාපීය සංගමයේ ඉහළම තීරණ ගැනීමේ අයිතිය අමාත්‍ය මණ්ඩලය සතු වේ.
කොළඹදී පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී 2025 වසර දක්වා ඉන්දියානු සාගර කලාපීය සංගමයේ සභාපතීත්වය ශ්‍රී ලංකාව බාර ගැනීමට නියමිතව ඇත.
අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වන අමාත්‍යවරුන් 16 දෙනා අතර බංගලාදේශය, ඉරානය, ඉන්දියාව, මොරිෂියස්, මැලේසියාව සහ දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු අමාත්‍යවරුන් සිටින බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd