
(නිමල කොඩිතුවක්කු)
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ‘ජාතික ඵලදායිතා සම්මාන - 2018’ තරඟාවලිය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ කතානායක කරූ ජයයූරිය යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී අද(26) පැවැත්විණි.
එම සම්මාන තරඟාවලියේ නිෂ්පාදන අංශයේ මධ්‍ය පරිමාණ කාණ්ඩයේ තුන්වන ස්ථානය විජය පුවත්පත් සමාගමේ හෝකන්දර මුද්‍රණ පරිශ‍්‍රයට හිමිවිය.
විජය පුවත්පත් සමාගමේ හෝකන්දර මුද්‍රණ පරිශ‍්‍රයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර මහතා විසින් එම සම්මානය පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරවින්ද් කුමාර් අතින් ලබාගත්තේය.
විජය පුවත්පත් සමාගමේ හෝකන්දර මුද්‍රණ පරිශ‍්‍රයේ ක‍්‍රියාවලි සංවර්ධන විධායක නෙලූෂා පරණවිදාන, ජ්‍යෙෂ්ඨ නිලධාරී කෝසල දේවප‍්‍රිය ඇතුළු මහත්ම මහත්මීහු ද මීට සහභාගී වූහ.
(ඡායාරූපය : ඉෂාන් සංජීව)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනක අයියා ඔයා ගැන ආඩම්බරයි.