
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලිද් හමූද් නාසර් අල්කහ්තානි මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් කොළඹදී අද පැවැත්විණි.
රියාද් හි පැවැත්වීමට නියමිත 26 වන එක්සත් ජාතීන්ගේ සංචාරක මහ සභා රැස්වීම සඳහා සෞදි තානාපතිවරයා එහිදී විජිත හේරත් අමාත්‍යවරයාට ආරාධනා කර ඇත.
මෙම හමුවේදී දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බව අමාත්‍යංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයෙන්ම ටික ටික ගෞරවනීය පිලිගැනීමක් මේ කුඩා රටට ඇතිවෙමින් යනවා. අත්දැකීම් බහුල, ජාත්‍යන්තර භාෂා ප්‍රවීනයන්ට, උන්ගේ බත්බැල වහල්ලුන්ට මේව දකිද්දී දරාගන්න බෑ. ඒ වගේම නීතිය, සාධාරණත්වය සෙමෙන්, අපහසුවෙන් උනත් ඉටුවෙනවා දකිද්දී වෛරය, හීනමානය ඇතිවෙලා විවිධ ලෙඩ රෝග හැදෙනවා. හිරේ යන, යෑමට නියමිත උන්ව දැක්කමත් ඒක පේනවා.
සමහර විට ඉංග්‍රිසි බැරි නිසා එහෙම ආරාධනා කරන්න ඇති, මොකද ඉංග්‍රීසි දන්න එවුන් ඇමතිකම් කෙරුව කාලයේදිවත් මෙහෙම ආරාධනා ලැබුණේ නැහැ නොවැ අපේ හාන්දුවනේ !