
තමිල්නාඩුව දේශපාලනය උඩුයටිකුරු කරමින් නව මහ ඇමති ලෙස දිවුරුම් දුන් ‘තමිලග වෙට්ට්‍රි කළගම්’ පක්ෂයේ නායක විජේ, සිය පාලනයේ පළමු නියෝගය ලෙස ප්‍රාන්ත වැසියන් සඳහා විදුලි ඒකක 200 ක් නොමිලේ ලබා දීමට තීරණය කළේය. ඊට අදාළ නියෝගයට විජේ අස්සන් කළේ දිවුරුම් දුන් සැණින් වීම ද විශේෂත්වයකි.
ඒ අනුව, ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් සඳහා මාස දෙකකට වරක් නොමිලේ විදුලි ඒකක 200ක් ලබා දීමට පියවර ගෙන ඇති අතර, මෙම සහනය හිමිවන්නේ මාස දෙකක් ඇතුළත සමස්ත විදුලි පරිභෝජනය ඒකක 500ක් හෝ ඊට අඩු මට්ටමක පවතින පවුල් සඳහා පමණක් බව ද පැවැසෙයි.
තමිල්නාඩු ප්‍රාන්තය පුරා ව්‍යාප්ත වී ඇති මත් උවදුර පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ද නියෝග කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
බාලිකාවන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනුවෙන් විශේෂ බලකායක් සහ හදිසි උපකාරක සේවාවක් ස්ථාපිත කිරීමටද මෙහිදී අමාත්‍යවරයා පියවර ගෙන ඇත.
දිවුරුම් දීමෙන් පසු සිය ප්‍රථම මහජන හමුවේ දී හැඟුම්බර වූ විජේ, තමා සිනමා සහායක අධ්‍යක්ෂවරයකුගේ පුතකු ලෙස කුසගින්න සහ දුප්පත්කම අත්විඳ ඇති අයකු බව සිහිපත් කළේය. තමන් තවත් සාමාන්‍ය වැසියකු බව අවධාරණය කළේය.
දූෂණය පිටුදැකීමට ක්‍රියා කරන බවත්, මහජන මුදල් අවභාවිතයට ලක් වීමට ඉඩ නොදෙන බවත්, විජේ ප්‍රතිඥා දුන්නේය. විජේගේ ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබපැතුම් එක් කරමින් පවසා සිටියේ තමිල්නාඩුවේ සංවර්ධනය වෙනුවෙන් මධ්‍යම රජය සහය දෙන බවයි. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය සහ කොංග්‍රස් පක්ෂයට හිතවත් තමිල්නාඩු කුඩා පක්ෂ රැසක් විජේගේ පක්ෂය සමග අත්වැල් බැඳගෙන සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තලපත් පාලනය ඉවරකරනකොට මත්ද්‍රව්‍ය තෝරු, මෝරු ඔක්කෝම ඉවර කරනවා. චන්ඩි ඔක්කෝටම තනියම ගහලා පන්නනවා. තුවක්කු අරන් එන මැරයෝ පන්සීයක් රෙදිපටියකින් ගහලා මර්දනය කරලා තියෙනවා.
එහෙනම් ඉන්දියාවට හොද කලක් යයි වගේ...
අපිත් ඒ කාලේ මෙයාගේ ෆිල්ම් බැලුවා... හැබැයි ඒකෙ ඉදලා තියෙන්නේ කාඩ්බෝඩ් වීරයෙක්...
ඉන්දියානු රුපියල් බිලියන 20ක් මාසෙට.. සමහර විට පුළුවන් වෙයි. හැබැයි නිකං දෙන එකේ අවශ්‍යතාව දෙගුණ වෙයි.