
(සුජිත් හේවාජුලිගේ)
විගණකාධිපති ධූරය සඳහා විවෘත විශ්ව විද්‍යාලයේ මූල්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව් එම්.කේ ජී වික්‍රමසිංහ මහතා පත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇතැයි වාර්තාවේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (30) රැස්වුණු නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැතැයි ආරංචි මාර්ග සඳහන් කළේය
මෙම නාමය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (31) නැවත රැස්වීමට නියමිතය.
ජනාධිපතිවරයා විගණකාධිපති ධූරයට පත් කිරීමට යෝජනා කරන වික්‍රමසිංහ මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි.
ජනාධිපතිවරයා විගණකාධිපති තනතුර සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මීට පෙර අවස්ථා හතරකදී නම් හතරක් යෝජනා කළ නමුත් එම නම් හතරම ඒ සභාව ප්‍රතික්ෂේප කළේය.
විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා 2025 අප්‍රේල් මාසයේදී විශ්‍රාම ගැනීමෙන් එම තනතුර පුරප්පාඩු විය.
මේ අනුව සුදුස්සකු පත් නොකිරීම හේතුවෙන් එම තනතුර මාස දහයකට ආසන්න කාලයක් පුරප්පාඩුවී පවතී.
වික්‍රමරත්න මහතා විශ්‍රාම යෑමෙන් පසුව වැඩබලන විගණකාධිපතිවරයා ලෙස ධර්මපාල ගම්මන්පිල මහතා පත් කෙරුණු නමුත් වැඩ බැලීමේ තනතුර දෙවරකට වැඩි වාරයක් අනුමත කිරීමේ නොහැකියාව මත ඔහුට සේවා දීර්ඝයක් ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් අනුමත නොකෙරිණ.
ගම්මන්පිල මහතා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරුවල වසර 31ක පමණ කාලයක් සේවය කර ඇති පළපුරුදු කම් සහිත ජ්‍යෙෂ්ඨතම නිලධාරියාය.
ඔහුගේ වැඩ බැලීමේ කාලය පසුගිය දෙසැම්බර් මස 6 වැනිදායින් අවසන් විය.
විගණකාධිපති තනතුර සඳහා ධර්මපාල ගම්මන්පිල මහතා පත් කරන ලෙස මහා නායක ස්වාමීන් වහන්සේලා සිවිල් සංවිධාන වෘත්තියවේදීන් විවිධ තරාතිරම්වල දේශපාලඥයන් ඇතුළු පිරිස් විසින් පසුගිය කාලයේදී රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කෙරුණද එය ක්‍රියාත්මක නොවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල් අගුරු, කන්ටේනර් වගේ එව්වා වහගන්න තමන්ට ගැලපෙන කෙනෙක් පත් කරගන්නත් ඕනනේ නේද? එතකන් නම් යවමු..මරු. විනිවිද භාවය.
විගණකාධිපති වෙන්න ඕන විගණකාධිපති දෙපාර්තමේන්තුවේම කෙනෙක්. මේ විදියට පිට අය පත්කරන්න යන එකෙන් වෙන්නේ විගණන කාර්යාලයේ නිලධාරීන්ට හැඟිමක් එනවා රටේ විධායකයට තමන් ගැන විශ්වාසයක් නෑ කියලා. එතකොට රටේම විගණනය දුර්වල වෙන්න පුළුවන්...
පහුගිය දවස් වල හිටපු ජනපතිගෙ පෞද්ගලික ආරක්ෂක භටයා දැම්මා නම් හරිනිත් හරිනේ කියයි අප්පා.