(නිමල කොඩිතුවක්කු)

රටට සිදුකළ විනාශයේ  සාමූහිකත්ව වගකීම භාරගෙන ඉල්ලා අස්වන්නැයි  ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජික් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුවේ ප්‍රධානින් එක් එක්කෙනාට ඇගිල්ල දිගු කරමින් තමන් නිවැරදි වන්නටත් අනෙකා පිට වරද පටවන්නටත්  උත්සාහ කරන බවත් රට ප්‍රපාතයට තල්ලු කිරීමේ වරද එක් අයෙකු නොව සමස්ථ ආණ්ඩුවම භාර ගත යුතුව ඇතැයිද විපක්ෂනායකවරයා කීවේය.

සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතාගේ  ප්‍රතිපාදන යටතේ ඉදිකරනු ලැබූ ඛෙත්තාරාම ශ්‍රී සිද්ධාර්ථ දහම්පාසල් ගොඩනැගිල්ල  විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

බොරු සෝබන කයිවාරුකරුවන් දිනවීමේ ප්‍රථිපලය අද රටටම අත්විදීමට සිදුව ඇතැයිද විපක්ෂනායකවරයා පැවසීය.