(අජන්ත කුමාර අගලකඩ)
මෙවර මහ කන්නයේ වගා හානි වෙනුවෙන් වන්දි ගෙවීමේ ක්‍රමවේදය ඇතුළත් සැලැස්මක් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත.
ඒ අනුව,අක්කරයකට වඩා අඩු වගාබිම් සඳහා අඩුවන වී කිලෝ ග්‍රෑමයකට රුපියල් 50 බැගින් ද ,අක්කරයත් අක්කර දෙකහමාරත් අතර වගා බිම් සඳහා වී කිලෝවකට රුපියල් 37.50 බැගින් ද, අක්කර දෙකහමාරත් අක්කර 5ත් අතර වගා බිම් සදහා වී කිලෝවකට රුපියල් 25 බැගින් ද වන්දි ගෙවීමට කෘෂිකර්ම අමාත්‍යංශය යෝජනා කර ඇත.
වගා හානි ගණනය කරන ක්‍රමවේදය ද කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් රජයට ඉදිරිපත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බියගම අච්චු ගැහුවා. වන්දි ඉල්ලන ඕනෑම ගොවියෙකුට බෙදුවා. ඔයිට වඩා මොන සැලසුම්ද?
සැලසුම් කියන වචනේ තේරුමවත් දන්නවාද? නූගත් වුණත් තම ජීවන අත්දැකීම්වලින් මේ රට කරවනවාට වඩා හොඳට තේ කඩ කරන මුදලාලිලා ඉන්නවා. ජනතා මුදල් යටිමඩි ගහන එක හුඟාක් රටවල තිබුණත් ඒ අයට මොලේ තියනවා ජනතාව හිටිය තැනින් උඩට යන්න සලස්වලා ඒක කරන්න... අපේ රටේ වැඩ වෙන්නේ මොංගල් දේශයේ මොංගල් පාලකයෝ ගාණට. මේකට ඇමැතිලා විතරක් නෙමේ, නිලධාරිනුත් වග කියන්න ඕනේ... මොලේ පොඩ්ඩක් හරි තියන අයට මේවා දැක්කාම ඇඬෙනවා. මොකද ජනතාව කියන්නෙත් අපි හැමට ලැබුණු සම්පතක් බව දුර නොපෙනෙන ඔවුන්ට තේරෙන්නේ නෑ...