(රංජන් කස්තුරි)
වෘත්තීය ගැටළු කීපයකට විසඳුම් ඉල්ලා රජයේ රෝහල් කීපයක විකිරණ විද්‍යා තාක්ෂණවේදීහු අද පස්වරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක නිරත වෙති.
ඇමතුම් රාජකාරී කිරීම සීම කිරීම නතර කරන්නැයි ඉල්ලමින් එම අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියමාර්ගයකට යන බව ද රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා කියයි.
කොළඹ රිජ්වේ ළමා රෝහල, කොළඹ ජාතික රෝහල,මාතර කඹුරුගමුව රෝහල යාපනය තෙලිප්පලේ රෝහලේ විකිරණ ප්‍රතිකාර අංශය සහ හොරණ මූලික රෝහල යන රෝහල්වල වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බව ද ධර්මකීර්ති මහතා සඳහන් කරයි.
දිවයින පුරා රජයේ රෝහල්වලට විකිරණ තාක්ෂණවේදින් 1450ක් පමණ පිරිසක් අවශ්‍ය වුවද දැනට සේවය කරනුයේ 700ක පමණ පිරිසක් බව ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd