
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වකුගඩුවක්ද විකුණා මත්ද්‍රව්‍ය පානය කළ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් පිටකොටුව හෙට්ටි වීදිය රන් සහ රිදී භාණ්ඩ අලෙවි සැලකින් රුපියල් ලක්ෂ 60 කට අධික රන් සහ රිදී භාණ්ඩ සොරා ගැනීමට අදාලව සීසී ටීවී දර්ශන 70 කට ආසන්න ප්‍රමාණයක් පරික්ෂා කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 1993 වර්ෂයේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු ලෙස හඳුනාගත් 60 හැවිරිදි තැනැත්තෙක් බව පොලිසිය සඳහන් කරයි.
ෙසැකකරු එම වෙළඳසැලින් සොරා ගෙන තිබූ රන් ආභරණ වලින් පවුමක් බර රන් ආභරණ සහ රිදී ආභරණවලින් කිලෝ 3 කට ආසන්න ප්‍රමාණයක් බොරැල්ල සිරිසත උයන මහල් නිවාස සංකීර්ණයෙන් නිවසක වැසිකිළි පොච්චියක කුහරයක් තුළ සඟවා තිබියදී සැකකරු හෙළිකළ තොරතුරු මත පොලිසිය මගින් සොයාගෙන ඇත.
ඉකුත් මස 25 වැනිදින සැකකරු රාත්‍රී කාලයේදී රන් අභරණ වෙළඳසැලේ දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ වහලයෙන් වෙළඳ සැලට ඇතුළු වීම එහි අල්මාරි වල බහා තිබූ රන් සහ රිදී දේපළ සොරාගෙන පලා ගොස් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතුරු එකත් විකුණලා දීලා තව ටිකක් අරං දෙන්න වැඩේ ඉවරයි...