
(අංජුල මහික වීරරත්න)
මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක වී සංචිතයක් පවත්වා ගැනීම සඳහා අරඹා ඇති වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
අනුරාධපුර,මඩකලපුව,අම්පාර පොළොන්නරුව,හම්බන්තොට සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක හයට මුලිකත්වය දෙමින් දිවයින පුරා සාර්ථකව වැඩසටහන ක්‍රියාත්මක බවද අලුත්ගමගේ මහතා කීය. මාසයක් ඇතුලත වී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් මිලට ගැනීම රජයේ අරමුණ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි
රජය සතුව වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක සංචිතයක් පවත්වා ගැනීමෙන් වී සහ සහල් මාෆියාවෙන් ගොවියාත්,පාරිභෝගිකයාත් ආරක්ෂා කිරීම රජයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා කියයි
වී මිලදී ගැනීමෙි කටයුතු සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උතුරේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසාමාන්‍ය ලෙස වී මිල ඉහළ දැමීම රටට අහිතකරයි. ඊට රජය දැඩි පියවර ගත යුතුයි. 60ට වී ගත්තොත් 100ට හාල් දෙන්න බැහැ. මේ රටේ ගොවියා නගා සිටුවීම පමණක් මාතෘකාව වෙන්න බැහැ. පාරිභෝගිකයා වැදගත්. ඊළගට 60-65 ට වී දීල නොමිලේ පොහොරත් ඉල්ලන එක වැරදියි.
වැඩේ නැගල ගියාට හාල් ගිනි ගනන්නේ ළමයෝ . කීරී සම්බා කිලෝ එකක් 170 යි
සහල් මිලත් ජයටම නැගලා යනවා