(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ද මාසයක් තුළ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිලට සමාන කළ යුතු බව ලාෆ් සමාගමට දැනුම් දුන් බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
එළඹෙන සතිය තුළ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350 කින් අඩු කළ යුතු බවට ද එම සමාගමට දැනුම් දුන් බව කී අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිලට සමාන කිරීම කොටස් දෙකක් යටතේ සිදුකළ යුතු බව ද සඳහන් කළේය.
ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක සහ ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල අතර රුපියල් 708 වෙනසක් ඇති බව කී අමාත්‍යවරයා එවැනි වෙනසක් තිබිය නොහැකි බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස් සඳහා උපරිම මිල තීරණය කරන මිල සූත්‍රයක් හඳුන්වා දී ගෑස් වෙළඳපළ වෙනත් සමාගම් සඳහාත් විවෘත කරන්න. එහෙම කළොත් ගෑස් වැඩියෙන් විකුණා ගන්න සමාගම් අතර තරගකාරීත්වයක් ඇතිවන නිසා පාරිභෝගිකයාට හොඳ මිලකට ගෑස් ලබාගන්න පුළුවන් වේවි.
ටෙලිකොම් විකුණලා පුද්ගලික සමාගමටත් කියන්න මිල අඩුකරන්න කියලා..., ඕකතමයි... Private Monopoly කියන්නේ...!
මිල අඩු කරන්න නම් තව්ටැහැ සමාගම් කිහිපයකට අවසර දෙන්න ඕනේ .වෙළඳපලේ සැපයුම වැඩි උනහම මිල පහල බහිනවා