(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් පරිභෝගිකයන් මුහුණ දී සිටින ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් ලබාදීමට සාකච්ඡා කරමින් සිටින බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය අලසන්ත අලගියවන්න මහතා අද (05) පෙරවරුවේ පැවසීය.
ජනතාව ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ දී සිටින බව රජය හැටියට තේරුම් ගෙන සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා ඉක්මණින් විසඳුමක් ලබාදීමට දින කීපයක් අඛණ්ඩව අදාල පාර්ශව සමඟ සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කළේය.
මෙහිදී ලාෆ් ගෑස් පාරිභෝගිකයන් මුහුණ දී සිටින ගැටලුවට විසඳුමක් ලබාදීමට වැඩි අවදානය යොමු කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පිරියයි මේවා දකින අපි හරිම දුකින් ඉන්නෙ කිසිම තැනකින් සිලින්ඩරය මාරු කලේ නෑ. අපි හදපු ආණ්ඩුව අපිට ම වද දෙනවා .
මේකගේ මූණ දැක්කාම පේනවා පාර්ලිමේන්තු කැන්ටිමෙන් කොච්චර කෑම ලාබෙට ගිලිනවා ඇද්ද කියලා...
කළින් ගැටලුව යටගියා. කිලෝ 3ක් අඩුකරලා ලීටර් වලින් 18 කියලා මුලු ශ්‍රී ලංකා වාසීන්වම ගොනාට ඇන්දුවා... අපි ඡන්දය දුන්නේ වියත් මගේ හින්දා...