(නිමන්ති රණසිංහ)
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇති පැමිණිල්ල පිළිබඳව වහාම විමර්ශනයක් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇත
හිටපු බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඉකුත් දොළොස් වැනි දා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි සිරකරුවන්ට සිදුකර තිබූ හිංසන ක්‍රියා සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කර තිබූ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමන් බන්ධනාගාරයට ගොස් ඇත්තේ බන්ධනාගාරය කළමනාකරණය කර සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ අභිලාෂයෙනි. බීමතින් ගොස් ඇත්තේ රාජකාරිය පහසු කරගැනීමටය. මට පෙනෙන හැටියට මෙතන එතුමා කිසිදු වරදක් කර නැත. මේ අපේ ශ්‍රී ලංකාව බව අමතක නොකරන්න.
පැමිණිල්ලක් ඉදිරිපත් නොකළේ නම් ඔබ සියලු දෙනාම කිසිදු පියවරක් නොගන්න! එය ඔබේ ස්ථාවරයද?
ඇමති තුමා කිව්වෙ නැත්තන් පොලිස්පති තුමාට මේ ගැන විමර්ශන කරන්න බැරිද? මම හිතාගෙන හිටියෙ පොලිසියට ස්වාධීනව වැඩ කරන්න පුලුවන් කියල. දැන් බලන කොට කොච්චර විමර්ශන කලත් අත්අඩංගුවට ගන්න නම් ජනාධිපති තුමාගෙන් අවසරය ගන්න වෙයිද?
දන්වන්නේ කුමටද.? රටකට යන කල.
වැරදි බොහෝ ඇත. ඒවට සුදු හුණු ගාන්න ගියොත් ඔබ තුමා ගැන ඇති විශ්වාසයද පලුදු වනවා ඇත.
මොන විමර්ශනයද හරියට කලේ.
සිදු කරන ලද අපරාධයේ බරපතලකම අනුව සිද්ධිය සම්බන්ධව විමර්ශනය කිරීමට පොලිසිය වහාම පියවර ගත යුතුව තිබූ අතර ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් හවුල් බන්ධනාගාර බලධාරීන් සමඟ ඔහු අත්අඩංගුවට ගත යුතුව තිබුණි
එක් රටක් බොහෝ නීති.
මෙයත් අපිව අන්දවනවා.... හරියට මෙයාගේ ජිනීවා ගමන් වගේ.....
අපේ සර් මේ කේස් එකට නම් ඉතාමත් තදින් ඉන්නවා කියලා තමයි ආරංචි.මේ පාර රත්වත්තේකාරයට වෙන්නේ හොම්බෙන් යන්න.
කලින් කලට එක එක ජවනිකා. සාමාන්‍ය මිනිහෙක් ඔය දේ කලා නම් බල බල ඉන්නෙ නෑ. එක රටේ නීති දෙකක් බව නොතේරෙන්නෙ දකින දකින කෙනාට වදින 69 යෙ වහලුන්ට විතරයි.