
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවෙන් 1977 වසරේ ගෙනගොස් මේ වන විට කැනඩාවේ එඩ්මන්ටන් සත්වොද්‍යානයේ නිසි පහසුකම් නොමැතිව ජීවත්වන ලුසී නැමති ඇතින්න ස්වභාවික පරිසරයකට නිදහස් කරන්නැයි ඉල්ලා සංවිධානය කළ පා ගමනක් කොළඹ දී අද (16) පැවැත්විණි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත නා හිමියන් සහ Justice for Animals and Nature සංවිධානය මෙම පා ගමන සංවිධානය කර තිබිණි.
කොල්ලුපිටිය වාලුකාරාමයෙන් ආරම්භ කළ පා ලමන කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය දක්වා ගමන් ගත් අතර ඒ වෙත සංදේශයක් භාරදීම ද සිදුකෙරිණි.
කුඩා පැටවකුව සිටියදී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් 1977 වසරේ දී ජර්මානු ජාතික ව්‍යාපාරිකයකුට අලෙවි කිරීමෙන් පසු එම ව්‍යාපාරිකයා විසින් ඇමෙරිකානු ඩොලර් 9789 ක මුදලකට කැනඩාවේ සත්වෝද්‍යානයට මෙම සත්වයා විකුණා ඇතැයි ද සෝභිත හිමියෝ කීහ.
මේ වන විට එම සත්වයා කොන්ක්‍රීට්වලින් වට වූ තමාට කිසිසේත් නොගැලපෙන ශීත පරිසරයක කල් ගෙවන බවත්, වසර 44 ක කාලයක් තිස්සේ දුක්ඛිත ජීවිතයක් ගත කරන ලුසීට දැන්වත් නිදහස් පරිසරයක් උරුම විය යුතු බවත් උන්වහන්සේ පැවසූහ.
(ඡායාරූප ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ දැන් අලින්ව පන්සල්වල හදනවට..., පෙරහැරේ ගෙනියනවට විරුද්ධව හිටපු සෙට්එක මේවාට නැද්ද? ඔය කියන පළාතේ උෂ්ණත්වය සෙල්සියස් - 40 (සෘණ 40) ට යනවා. ඒ සතාව හැකි ඉක්මණින් නිදහස් කරන්න පුළුවන් වෙන්න කියලා.
හාමුදුරුවනේ ලංකාවේ අවුරුද්දකට වෙඩි තියලා මරණ අලි ටික බේරගන්න මොකක් හරි වැඩක් කළා නම් ඔයිට වඩා හොඳ නැද්ද?
හොඳ මාතෘකාවක්.. අපිත් කැමතියි අලි ගැන කතාකරන්න. ලෝකයේ රටවලට ප්රදානය කර තිබෙන අලි ඇතුන් පිළිබඳව කතා කිරීමට පෙර ලංකාවේ පන්සල් වල තබාගෙන සිටින අලි ඇතුන් සහ කොළඹ සත්වෝද්‍යානයේ සිටින අලි ඇතුන් නිදහස් කිරීම පළමුව කරන්න.
මේ ළඟදී කැලේ ඉන්න අලි පැටව් අල්ලලා හීලෑ කරන්න අවසර ඉල්ලන්න මුදලාලිලා පිරිසක් එක්ක හාමුදුරුවරු පිරිසකුත් ජනාධිපති මුණ ගැසුණා. ඒ වෙනත් හාමුදුරුවරු පිරිසක්. ඒත් ඒකටත් ඔබවහන්සේලා විරුද්ධ වුණා නම් තමයි ලස්සන. කැලේ නිදැල්ලේ ඉන්න සතුන් අල්ලලා හීලෑ කරලා දුක් විඳවීම මොන ආගමක්වත් අනුමත කරන්නේ නෑ.
පහළ වෙච්ච් සත්ව කරුණාව ගැන කියලා වැඩක් නැහැ .. අලින්ට සුදුසුම පරිසරය තියෙන්නේ අපේ රටේ කියලා දන්නෝ දනිති.
ලුසී නිදහස් කරගත යුතුයි. ඒකෙ කතා දෙකක් නැහැ. නමුත් ඔය විරෝධතාව දක්වන හාමුදුරුවරු තමන්ගේ රටේ ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ පන්සල්වල වහල් මෙහෙයට තබාගෙන , අනන්තවත් දුක් පීඩා දෙමින්, විවිධ වද හිංසාවන්ට ලක්කරන අලි, ඇතුන් ගැන කතාකරන්නේ නැත්තේ ඇයි..? බුදුන්වහන්සේගේ උතුම් වූ අවිහිංසාවාදී පිළිවෙතේ කොහෙවත් කියලා නැහැ පන්සල්වල වැඩ වලට අලි, ඇතුන් යොදාගන්න කියලා. ඇත් ගොව්වන්ගේ හෙණ්ඩු පහරින් වේදනාවට පත් කොට, බිය කොට, දම්වැල් වලින් " කැපුණු " තුවාල වලින් වේදනා විඳින අලි ඇතුන් ගැන මේ අයට දුකක් වේදනාවක් නැතුව ඇති. ලුසී විතරක් නොවෙයි, ලංකාවෙත් පන්සල් වල සිටින සියලුම අලි ඇතුන් වනයට නිදහස් කළ යුතුයි. සමහරු කියයි මේ අපේ සංස්කෘතිය කියලා. සංස්කෘතියට වඩා... අප නිසා දුක් පිඩා විඳින, කාටවත් වරදක් නොකළ සතෙකුගේ නිදහස් ජීවිතය මට බොහෝ වටිනවා.