
(විමුක්ති එස් රුද්‍රිගු)
මොනාලිසා ඇතුළු ලොව සුප්‍රසිද්ධ ඓතිහාසික කෞතුක වස්තු කිහිපයක් තැන්පත් කර ඇති පැරිසියේ සුප්‍රසිද්ධ කෞතුකාගාරයක් වන ලූවර් හි තිබූ නැපෝලියන් සහ ප්‍රංශ අධිරාජිනියගේ මිලකළ නොහැකි ආභරණ එකතුවකින් ආභරණ නවයක් මංකොල්ල කෑමත් සමග එම කෞතුකාගාරය වසා දැමීමට එහි බලධාරීහු කටයුතු කළහ.
කොල්ලකරුවන් ස්කූටරයකින් පැමිණ භාණ්ඩ සෝපානයක් භාවිතා කර ආභරණ තිබූ කාමරයට ළඟාවී ඇති බවත් කුඩා දම්වැල් සහ කියත් භාවිත කරමින් මංකොල්ලය සිදුකර ඇති බවත් වාර්තා විය. ලූවර් කෞතුකාගාරය විවෘත කළ අවස්ථාවේ මංකොල්ලය සිදුව ඇති බවත් විනාඩි හතක් තුළ මංකොල්ලය සාර්ථකව සිදුකර මංකොල්ලකරුවන් පළගොස් ඇති බවත් අනාවරණය වූවේය.
තවමත් සොරකම් කළ භාණ්ඩවල වටිනාකම එරට බලධාරීන් ඇස්තමේන්තු කරමින් සිටින බවත් මංකොල්ලය සඳහා පුද්ගලයන් තිදෙනෙකු පැමිණ ඇති බව හඳුනාගෙන තිබෙන බවත් සඳහන් විය.
මොනාලිසා ඇතුළු ලොව සුප්‍රසිද්ධ ඓතිහාසික කෞතුක වස්තු කිහිපයක් තැන්පත් කර ඇති පැරිසියේ සුප්‍රසිද්ධ කෞතුකාගාරයක් වන ලූවර් හි මංකොල්ලයක් සිදුව ඇති බවට ප්‍රංශ සංස්කෘතික අමාත්‍ය රචිටා ඩාටි එක්ස් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඊයේ(19) පැවැසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සිදුවීම අප රටේ සිදු වුණා නම් ලේසියෙන්ම ඒක රාජපක්‍ෂලාට පටවලා අපේ පොලිසියේ එෆිෂන්සි එකත්, එන්පීපී ආණ්ඩුව පොලිසියේ වැඩට ඇඟිලි ගහන්නේ නැති බවත් පෙන්වන්න අපේ අයට අවස්ථාව තිබුණා.
මේ වගේ ගොබ්බ හරක් ඉන්න රටක ආර්ථිකය වර්ධනය කර ගැනීමට ගොඩක් කල් ගතවෙන එක අහන්න දෙයක්ද....
සෙබඩ, අපිට කන්ගැට්ටගේ සිද්ධිය තවම මතකයි...
උප්පැන්නේ තියෙන්නේ පියාගේ නම හැටියට රාජපක්ෂ කියලා වෙන්න ඇති. මවගෙන් අහලා මොන රාජපක්ෂද කියලා හරියටම කියන්න බැරිද?
හොරාගත් දෑ නැවත වසර සිය ගණනකට පසු සොරා ගෙන ඇත..... හොරාගෙත් හොරා උතුම් හොරා නම් විය.
අහවල් කට්ටිය ආවාට පස්සේ ප්‍රංශයේ තත්වය පිරිහිලා කියල ප්‍රවෘත්ති දැක තිබෙනවා
හොදට හොයලා බලන්න පොහොට්ටුවේ තක්කඩි... ඔය පැත්තේ කොහේද කියලා...
සමහර විට රාජපක්ෂලා හරි ඔවුන්ගේ ගෝලයෝ හරි ප්‍රංශයේ පදිංචි වෙලා ඉන්නවද කියලා හොයලා බලන්න කියලා ජාත්‍යන්තර පොලිසිය හරහා ප්‍රංශ රජය දැනුවත් කළ යුතුයි.