(අජන්ත කුමාර අගලකඩ)
දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ලංකා විදුලිබල මණ්ඩලයට රාජ්‍ය බැංකු දෙකකින් තවත් රුපියල් කෝටි 1500 ක ණය මුදලක් හදිසි පදනම මත ලබාදීමට රජය තීරණය කර ඇත.
ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 500 ක් ද මහජන බැංකුවෙන් රුපියල් කෝටි 1000 ක් ද වශයෙන් මෙම ණය මුදල ලබාදෙනු ඇත.
ඒ සඳහා විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කරන පද යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.
විදුලිබල මණ්ඩලයේ පිරිවැය ඉහළයාම , අලුතින් ඉදිරිකිරීමට යෝජිත බලාගාර ඉදි නොවීම, විදුලිමිල ගණන් වැඩි නොකිරීම ආදි හේතුමත විදුලිබල මණ්ඩලය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බව ඇමැති අමරවීර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.
මේ අතර විදුලිබල මණ්ඩලයේ ගිය වසරේ අලාභය රුපියල් කෝටි 8,500 ක් බවද ඇමැතිවරයා පෙන්වා දී ඇත.
මේ අතර ලංකා විදුලි බල මණ්ඩලය ලබාගෙන ඇති ඉන්ධන හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතුව ඇති ණය මුදල රුපියල් කෝටි 8,342 ක් වේ.
මීට අමතරව නිදහස් විදුලි සැපයුම්කරුවන් සඳහා රුපියල් කෝටි 3,236 මුදලක්ද සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන් සඳහා රුපියල් කෝටි 992 ක්ද විදුලි බල මණ්ඩලයට ණය වී ඇත.
ඒ අනුව විදුලිබල මණ්ඩලය තෙල් සංස්ථාවට හා අනෙකුත් විදුලි සැපයුම් කරන්න ගෙවීමට ඇති සම්පූර්ණ ණය මුදල රුපියල් කෝටි 12,571 ක් පමණ වන බවද ඇමැතිවරයා පෙන්වා දී ඇත.
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලිය ඉල්ලුම විශාලවශයෙන් වැඩිවී ඇති අතර ඒ අනුව හදිසි මිලදී ගැනීම් තවදුරටත් ඉහළ යනු ඇතැයිද අමැතිවරයා පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර ගියොත් අඹු නසී... මග සිටියොත් තෝ නසී... ණය නොදුන්නොත් ලංවීම කොට උඩ, ණය දුන්නොත් රාජ්‍ය බැංකු කොට උඩ. ඔව්ව මලාට අපසු නම් හම්බ වෙන්නේ නැහැ "බොල් ණය" තමයි ඉතින්...
ඕකට කරන්න තියෙන එකම පිළිතුර තමයි නොමිලේ නිවාස දෙද්දී විදුලියත් නොමිලේ නොදී විදුලිය අවශ්‍ය අයට මුදලක් ගෙවා විදුලිය දීමයි. නැතුව හැම නිවසකටම නොමිලේ විදුලිය දෙන්න ගියහම ඔහොම වෙනවා. මම එහෙම කියන්නේ හේතුවක් ඇතුවයි. අපේ ගෙවල්වලට නොමිලේ විදුලිය දෙන්න ඔය මොන එකෙක්වත් හිටියේ නැහැ ඒ කාලේ... අපි උත්සාහයෙන් මහන්සි වෙලා තමයි සල්ලි හොයලා විදුලිය අරන් බිල් ගෙව්වේ සහ දැනටත් ගෙවන්නේ... නැතුව ඡන්ද ගන්න අපිට විදුලිය දෙන්න ඔය මොන එකෙක්වත් හිටියේ නැහැ. අපි ගෙවල්වල හිටියේ කුප්පි ලාම්පු එළියෙන්... කරන්න දෙයක් නැහැ විදුලිය ගන්නවත් අතේ සල්ලි නැත්නම් විදුලිය බලාපොරොත්තු වෙන්න එපා... එහෙම වුණාම දුක්විඳින්න වෙන්නේ ඒ අයට විතරක් නෙමෙයි මුළු රටටමයි...
දැඩි මූල්‍ය අර්බුදයකට ලංවිම පත් කරපු අයටම මේ මුදලත් දෙන්න. ඒ ගොල්ලන් මුදල් පරිහරණය ගැන හොඳ අත්දැකීම් තියෙන පරිනත කස්ටියනේ...
1994දී චන්ද්‍රිකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සන්ධානය ආණ්ඩු බලය ලබාගන්නා විට විදුලිබල මණ්ඩලයත් ඛනිජ තෙල් සංස්ථාවත් හොඳින් ලාභ ලබන ආයතන..
වෙන කිසිම දෙයක් නොවෙයි... හේතුව අකාර්යක්ෂම කළමනාකරණය සහ අනවශ්‍ය දේශපාලන මැදිහත් වීම්. ආණ්ඩු මාරුවෙන මාරුවෙන වාරයක් ගානේ තම තමන්ගේ හිතවත්තු මේ වලට රස්සාවලට දානවා. ඊට අමතරව පහු ගිය කාලේ අපි දැක්කා පෞද්ගලිකව විදුලිය ලබා ගැනීමේදී රවී කරුණානායක ඇමතිතුමා ක්‍රියා කල ආකාරය... ඊට අමතරව ලොව බොහෝ රටවල් මුල් තැනක් දී ක්‍රියා කරන පුනර්ජනනීය බලශක්ති කෙරෙහි අවධානය යොමු නොකිරීමත් එක් සාධකයක්. ලංවීමේ ඉහළ නිලධාරීන් ඇතුළුව සියලුම සේවකයන් ලබා ගන්නා අති විශාල වැටුප් සහ දීමනා මෙන්ම අනිකුත් වරප්‍රසාද.. වැනි කාරනා නිසා තමයි මේ ආයතනය පාඩු වී තිබෙන්නේ. මෙයට විසඳුම ලෙස විදුලි මිල ඉහළ දමනවා නම් එය හරියට පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ වැඩක්.. කරුණාකර මෙම ආයතන වලට හොඳ පරිපාලකයෙකු පත්කර ඔවුන්ට ස්වාධීනව වැඩ කරගෙන යන්න දෙන්න.
විදුලි මාෆියාවට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ දුක් විඳින මහජනතාවට. ඔය මණ්ඩලයේ ඉන්න සාමාන්‍යාධිකාරී ලත් අතිකාල දීමනා ගන්නවා. ඉංජිනේරුවාට ගෙවන දීමනා ටික දැක්කම පුදුම හිතෙනවා. හෙන ගහන අපරාධ...
මෙහි තියන ඇති මහත් දූෂණය නතර කිරීමට ගන්න ක්‍රියා මාර්ග මොනවාද?
මණ්ඩලේ කිසි කෙනෙකුට නොමිලේ විදුලිය දෙන්නේ නැහැ. හැමෝටම බිලක් දෙනවා. ඉතින් ඒවට සල්ලිත් ලැබෙනවනම් ඒවායින් ණය ගෙවන්න පුලුවන් නේද? ලොකුවට පෙන්නන්න බිල වැඩි කරන්නද?
ඇමතිතුමෝ, ඔය මණ්ඩලේ කොහේ හෝ ලොකු බහිරව කටක් තියෙනවා. විදුලිය දෙන්නේ මුදලට. ඉතින් කොහොමද පාඩු ? තෙල් සංස්ථාවත් එහෙමයි. හැකිනම් ඔබතුමාවත් මේ ගැන සොයන්න. නැතිනම් ඔබේ නමත් මෙතෙක් හිටපු පින් අැමතිලාගේ ගොඩටම එක් වේවි.
ලංවීමේ ඉන්න හොර තක්කඩි දුෂිත ඉන්ජිනේරුවන් ටික පලවා හරින් නැතුව මේ යොදවන මුදල් වලින් කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත. මේ දුෂිත ඉන්ජිනේරුවන්ගේ වත්කම් ගැන පරීක්ෂණයක් කළහොත් මොවුන් හිටපු දේශපාලඥයින්, ඇමති වරුන් සමග එකතු වී හොරකම් කරපු මුදල් ගැනද සාක්ෂි දිය හැක.
මේ ඇමතිත්, හිටපු ඇමති රවීත් පම්බෝරි ගැහුවා. විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කරනවා කියලත්, අලුතින් විදුලිබලාගාරවල් පටන් ගන්නා කියලත් කිව්වා. නමුත් දැන් වෙන්නේ බලාපොරොත්තු නොවූ දේවල්... මේවා කරන්න ඇමතිකෙනෙක්ම ඕනෑද?
තව කෝටි 500ක් වෙන්කරන්න බැරිද? ලංකා විදුලිබල මණ්ඩලයට මේ තත්වයට සංවර්ධනය කළ වියත් කස්ටියට සුපිරි වාහන දෙන්න.
ලංවීම බංකොළොත් නම් පුද්ගලික අංශයට දෙන්න. ආණ්ඩුවේ බැංකු කඩා වැටෙයි. ඔය ආයතනයේ සේවක පඩි කොයි තරම්ද බලන්න. අතිකාලත් එහෙමමයි.
අපි වැඩ කරලා මහන්සියෙන් උපයලා ගෙවල් හදලා විදුලිය සඳහා ගෙවලා ගන්නකොට දුප්පතුන් කියලා නම් කරලා තියෙන නිකමුන්ට නොමිලේ ගෙවල්, ජල, විදුලි සම්බන්ධතාව දෙනවා. දුප්පතුන් වර්ගීකරණය කලොත් පෙනෙයි ඔවුන් නිදහස් අධ්‍යාපනය අවභාවිත කළ, නැතහොත් කම්මැලි හෝ මත්පැන්වලට වහ වැටුණු හෝ කිසිම දෙයක් කරන්න අකමැති හොරු.... ඉතාමත් කලාතුරකින් ඉන්නවා කරකියාගන්න දෙයක් නැති අන්ත අසරණ මව්වරු... දරුවොත් එක්ක තනිවුණු. ඒ අය හැරුණාම අනිත් එකෙකුටවත් නොමිලේ මොකුත් දෙන්න ඕනේ නැහැ.