
(යොහාන් භාසුර)
ප්‍රංශයේ සති තුනක අධ්‍යාපන චාරිකාවකට සහභාගීවන ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරිනියකට මිලදී ගත් රුපියල් 35,000 ක සපත්තු කුට්ටමකට සහ රුපියල් 28,000 ක බෑගයකට විදුලිබල මණ්ඩලය රුපියල් 63,000 ක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසීය.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමසුමේදී පැවසුවේ අදාල ගෙවීම් පිළිබඳව පරීක්‍ෂණයක් කරන ලෙස එම මණ්ඩලයේ විගණන අංශයට යොමු කළ බවත් විගණන වාර්තාවෙන් පසුව ඒ පිළිබඳව නිෂ්චිත ප්‍රකාශයක් කළ හැකි බවත් සභාපතිවරයා වැඩි දුරටත් කීය.
අදාල රුපියල් 63,000 ක මුදල සංචාරය නිමකර නැවත පැමිණීමට පෙර අදාළ සැපයුම්කරුවන්ට ගෙවන ලෙස මෙම නිලධාරිනිය මුදල් කළමනාකරු වෙත නියෝග කර ඇති බවත් ඒ අනුව එම මුදල මේ වන විටත් සැපයුම්කරුවන්ට විදුලිබල මණ්ඩලය ගෙවා ඇති බවත් විදුලිබල මණ්ඩලයේ සේවකයෝ චෝදනා කරති.
මෙම නිලධාරිනිය ලබන වසරේ විශ්‍රාම යාමට නියමිත බවත් විදේශ සංචාර සඳහා සහභාගිවන නිලධාරීන්ට ගමන්මළු ආදිය මිලදීගැනීමට විදුලිබල මණ්ඩලයේ මුදල් භාවිතා කළ නොහැකි බවත් සේවකයෝ කියති.
විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර සේවයේ යෙදෙන සේවකයන්ට ආරක්ෂිත සපත්තු සඳහා හැර උසස් නිලධාරීන්ගේ පාවහන් සඳහා මණ්ඩලයට මුදල් ගෙවීමේ හැකියාවක් නොමැති බව කියන සේවකයන් මෙම නිලධාරිවරිය සති ගණන් අඛණ්ඩවට සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අවස්ථා කීපයකදී ඇයට උසස් නිලධාරීන් අවදානය කළ පසු අසනීප තත්වය හේතුවෙන් සේවයට නොපැමිණි යැයි පැවසීමෙන් ඇය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ද ගෙන නොමැති බව දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න විදුලිබල මණ්ඩලේ කෙරුවාවල්. මේ වියදම් පියවා ගන්නේ ජනතාවගේ විදුලියබිල වැඩිකරල. මේ ගැහැනිගේ මේ වියදම අනුමත කල ගානකාධිකාරයා බුරුවෙක්ද? රටේ වටිනා වැදගත් ආයතන සංස්ථා, මණ්ඩල කරගන්නේ මෙහෙම කෙලින්න තමයි. මෙයා සමග සහ වාසය කල නිලදාරීන්ද මෙයාට විරුද්දව action අරගෙන නැත්තේ.
ලබන වසරේ පැන්සෝන් යනවා නම් මේ අම්මණ්ඩිව පිටරට යවන්නේ ඇයි? මොන සේවයක් බලාපොරොතුවද? මේ වගේ අලුගුත්තේරු වැඩ නිසාම මේ ආයතනය පෞද්ගලිකරණය කල යුතුයි.
ශීත ඍතුවේ ඇඳුම් සඳහා වියදම් ආපසු ගෙවීම සඳහා රජයේ සේවකයන්ට හිමිකම් ඇත.
ගිහිල්ලා තියෙන්නේ ප්‍රංශයට නේද ?හොඳට බලන්න ජංගි බිලත් ඇතුලත්ද කියලා.ආ අමතක උනානේ ප්‍රංශයේදී ජංගි වල අවශ්‍යතාවයක් වෙන් නැතිව ඇති
ලබන වසරේ විශ්‍රාම යනවනම් ඔය අධ්‍යාපන චාරිකාවෙන් මණ්ඩලයට ඇති ප්‍රයෝජනය කුමක්ද?
ප්‍රංශයට අපේ රට නියෝජනය කරමින් යන විට ගෙවිච්ච බාටා කූට්ටමක් දාගෙනද යන්න කියන්නේ…? එසේත් නැත්නම් අධික මිලක් ඇය විසින් ගෙවා ඇදුම් ආයිත්තම් මිලට ගෙන මෙම රාජකාරියට සහබාගී වන්නද කියන්නේ…?
කණගාටු වෙන්ඩ දෙයක් නෑ . බිල වැඩි කරන්ඩ. පුද්ගලික වියදම් ඔක්කොම පාරිභෝගිකයන්ගෙන් අයකර ගන්න. ලෝකෙ වැඩිම මිල ගනන් තියෙන්නෙ විදුලි බිලට.
එන්න අපි තව දුරටත් 225 ගැනම වද වෙමු. උන්ටම ඉරිසියා කරමු. සියල්ල උන් පිටින් යවමු. අපි සැනසිල්ලේ ඉමු.
ඔය වගේ දේවලුත් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක හදනකොට බලනවද , කාන්චන දැන් මොනවද කියන්නෙ ,CEB එක පාඩුයි නෙ කියන්නෙ ,පාඩුවෙන්නෙ නැද්ද
ඕවා ඉතින් මිනිස්සුන්ගේ බිලටම තමා .මේ වගේ කාලකන්නි ආයතන
ඔය අසු උන එක මගඩියක් තවත් කොපමණ තිබෙනවාද කියලා සොයා බලන්න රජයේ විගනාදිපතිට භාරදෙන්න. මනු කියවන්නාට මනුව හරියට කියවනවාටත් දීමනා ගෙවූ ආයතනයක්. මොවුන් මේවා සංස්ථා, මණ්ඩල කරගෙන ඉන්නේ මේවගේ පට්ට හොරවැඩ කරන්නයි.
ලබන අවුරුද්දේ පැන්ෂන් යන මේ උන්දැට මොන අධ්‍යාපන චාරිකාද? මෙයාට දෙන දැනුමෙන් රටට වැඩක් තිබෙනවද? හරියට ඉගෙනගෙන එනවාට දීමනාවකුත් දෙනවා ඇති. අනේ මෙහෙව් මණ්ඩල සහ පාලකයෝ? නොදකින්!
මෙයා විතරද ඔහොම කරලා තියෙන්නේ? පාර්ලිමේන්තුවේ ඉන්න අයයි, ඔවුන්ගේ පවුල්වල අයයි රට සවාරි ගිහින් වියදම් කරපුවා ගැන හොයන්න කවුරුවත් නැහැ. රට බංකොළොත් වෙන්න ඕවත් හේතු...
ඔයා අහුවෙලා තියෙන්නේ එකක් විතරක් වෙන්න ඇති... නාකි වෙනකන් මොන මොන ගැහිලි ගහගන්නද හොයන්නේ? මේ වගේ අයගේ ආදායම්, වියදම් විගණනය කරන්න ඕනෑ. රටේ මිනිස්සු දුක් විඳිමින් බිල් ගෙවන්නේ මොවුන් වගේ හොරු ටිකක් නඩත්තු කරන්නද?