(බිඟුන් මේනක ගමගේ)
රජයේ විගණකාධිපති වාර්තා අනුව 2010 වසරේ සිට ලංවිම ඉංජිනේරුවන් උපයන විට බදුගෙවීම පැහැර හැරීම හේතුවෙන් රුපියල් කෝටි 500කට අධික බදු ආදායමක් රජයට අහිමිව ඇතැයි ද, එම මුදල වහාම ඔවුන්ගෙන් අයකරගෙන එහි සහනය විදුලි පාරිභෝගිකයන්ට ලබාදෙන්නැයිද පාරිභෝගික අයීතින් සුරැකීමේ ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටියි.
මෙම අහිමි වූ බදු මුදලින් මෙගාවොට් 200ක පමණ විදුලි බලාගාරයක් පවා නිර්මාණය කළ හැකි යැයි ද ඉංජිනේරුවන් නොගෙවූ එම මුදල් විදුලි පාරිභෝගිකයන්ට ගෙවන්නට සිදුවීම දැඩි අසාධාරණයක් යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
නොරොච්චෝලේ බලාගාරයේ සිව්වන අදියර යටතේ තවත් මෙගාවොට් 300ක ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීම සඳහා රජයේ නිසි අවසරයකින් තොරව චීන සමාගමකට ආරාධනා කරන්නට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇතැයි චෝදනා කරන එම සංවිධානය ඊට හේතුව ලංවිම ඉංජිනේරුවන්ගේ හිතුවක්කාරකම යැයි පවසයි.
අඩු වියදම් බලාගාර ඉදිකිරීම පැහැර හැරීමෙන් විදුලි ඒකකයක මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ද ලංවිම බලධාරින් වගකිව යුතු යැයි ද, අපේක්ෂිත ආකාරයට එසේ වුවහොත් 80%ක පමණ දුප්පත් විදුලි පාරිභෝගිකයාගේ මාසික විදුලි බිල රුපියල් 500කට වැඩි මුදලකින් ඉහළ යාමට ඉඩ ඇතැයි ද එහි සඳහන් වේ.
වසර 2014න් පසුව අඩු වියදම් බලාගාරයක් හෝ ඉදිකිරීමට නොහැකි වී ඇතැයි ද ලංවිම ඉංජිනේරුවන් සැලසුම් සහගතව අඩු වියදම් බලාගාර ඉදිකිරීම ප්‍රමාද කිරීම ඊට හේතුව යැයි ද පාරිභෝගික අයිතින් සුරැකීමේ ව්‍යාපාරය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම රාක්ෂයෝ ටිකක්නේ ලංවිම ඉංජිනේරුවන් කියන්නේ... මේ අයත් අර දේශපාලුවන් වගේ දුප්පත් මිනිහාටම විනකරන යක්ෂයින්... තමන්ගේ රස්සාව හරියට නොකරනවා මදිවට රටේ අනාගත බලශක්ති අවශ්‍යතා අර්බුදයක් දක්වා ගෙනයන රාක්ෂයින්. මේ සේරම මුහුදේ දාන්න ඕනෑ...
මේක හරිවැඩක්නේ. බදු ගෙවන එක පඩි ගෙවන තැනින්ම කපා ගන්න එපැයි. මේක යහපාලු ආණ්ඩුවේ වැරැද්ද.
අපට බෙදාදුන්නේ නැති වුණාට කමක් නැත. කෝටි 500 අයකරගෙන භාණ්ඩාගාරයට දෙන්න.
පහුගිය කාලේ මණ්ඩලයෙන් බදු ගෙවන්න අනුමත කරගෙන කියලා තිබුණා නේද?
මේ අය ලංවිම සේවකයින් නම්, ඔවුන්ගේ වැටුප් දෙන්නට ප්‍රථම, වැටුපට අදාළ බදුමුදල් වැටුපෙන් කපා රජයට බැරකිරීම ආයතනයේ වගකීමයි.
තමන්ගේ බඩ ගැනම කල්පනා කරන විදුලි ඉංජිනේරුවන් ටිකක් තමයි අපට ඉන්නේ. කිසිම රජයකට බැරිවුණා නේද මොවුන් පාලනය කරන්න... කවදා ඇහුවත් ලංවිම පාඩුයි.
ඇමරිකාවේ බදු නොගෙව්වොත් ඒ අයගේ දේපොළ පවා පවර ගන්නවා. කිසිම අනුකම්පාවක් නැහැ. ලංකාවේ උපයන විට අදායම් බදු කපන්නේ නැති නිසා ප්රශ්නය තව උග්රවෙනවා.
මොකද ඉංජිනේරුවන්ට බදු නීති අදාල නැද්ද? වෙන රටක නම් දණ්ඩනත් එක්කම අයකර ගන්නවා. වහාම ඔවුන්ගෙන් මෙය අය කරගත යුතුය. තවත් සුදු අලියෙක් තමයි ලංකාවේ විදුලි බල මණ්ඩලේ...
ගල්අඟුරු බලාගාර වලින් පරිසර හානිවෙනවා කියලා ගල්අඟුරු වලින් වෙන හානි පෙන්න පෙන්න මේ කරන්න යන වැරදි වැඩය නවත්වන්න කෙනෙක් නැත්ද? ජනාධිපතිතුමත් ඒ පැත්ත බලන්න ගියා නේද?