IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලොව හොඳම විද්‍යාඥයන් අතරට කැලණියෙන් හතරක්

(රංජන් කස්තුරි)

ලොව හොඳම විද්‍යාඥයන් අතරට කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨයේ  මහාචාර්යවරුන් සිව් දෙනකු තේරි තිබේ.

කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය ජනක ද සිල්වා, එම විශ්ව විද්‍යාලයේ උපකුලපති සහ පරපොෂවේද අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා, මහජන සෞඛ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය අනුරාධනී කස්තුරිරත්න සහ ඖෂධවේදී අධ්‍යයන අංශයේ මහාචාර්ය අසිත ද සිල්වා ලොව හොඳම විද්‍යාඥයන්ගේ කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆොර්ඩ් විශ්ව විද්‍යාලය සිදු කළ විශ්ලේෂණයක් මගින් මෙම තෝරා ගැනිම සිඳුකර ඇත.

ඒ අනුව ලොව හොඳම විද්‍යාඥයන් සියයට 2 අතරට කැලණිය විශ්ව විද්‍යාලයේ එම මහාචාර්යවර්න් සිව් දෙනාද තේරී තිබේ.



අදහස් (15)

ලොව හොඳම විද්‍යාඥයන් අතරට කැලණියෙන් හතරක්

LGPJ Monday, 17 October 2022 05:48 PM

මහාචාර්යවරුනි, ශ්‍රී ලාංකිකයකු හැටියට මගේ හෘදයාංගම සුබපැතුම්..!

:       1       53

Asela Monday, 17 October 2022 06:37 PM

ඔබතුමන්ලාට සහ ඔබතුමියට මගේ පැසසුම. ඒත් අර කෘෂිකර්මය පිලිබද මහා විද්‍යාඥ අනුරද්ධ පාදෙනියව ඒ අයට අමතක උනේ කොහොමද කියලා තවමත් ප්‍රශ්නයක්.

:       11       46

බද්රානි Monday, 17 October 2022 07:25 PM

එදා මහා හඬක් නගාගෙන එළියට ආපු කැලණියේ නාග රජාගේ වැඩ දැන් තමයි ටිකෙන් ටික එළියට එන්නේ. ඔය කවුරු කවුරුත් ලෝකෙට නම ගෙනිච්චාට අපට නම් කරපු කෙංගෙඩියක් නම් නැහැ මේ වෙනකම්. අපේ රටේ වියත්තු කරපු හරිය හොඳටම ඇති....

:       32       17

chanTuesday, 18 October 2022 09:10 AM

රට වෙනුවෙන් කිසිවක් නොකර උගතුන්ටයි උපන් බිමටයි ගරහන නූගත් නිකමෙක්. මෙවැන්නන් රටට බරක්.

:       2       11

බද්රානිTuesday, 18 October 2022 01:02 PM

ඇත්ත ඇහෙද්දී, ඉබේටම නැට්ට ඉස්සීම උගත් කමේ ප්‍රධාන ලක්ෂණයක්ද චූන් මහත්තයෝ?? මහදැන මුත්තන්ගේ කෙරුවාව නිසා නේන්නම් අපේ රට අද මේ වගේ ලොකු තැනකට වැටිලා තියෙන්නේ. හා හා මම මුකුත් කියන්නේ නැහැ, ලෝකෙට ලොක්කෝ කියලා හිත හදාගෙන සැපෙන් ඉන්නකෝ.. අපි නිකමෝ උනාට ඉතින් ඔයාලා කෙරුමොනේ...

:       1       1

ලලිත් Monday, 17 October 2022 08:19 PM

එකම පවුලේ අයියයි, මල්ලියි ඉඳීම තවත් ගෞරවයක්...!

:       3       18

PereraTuesday, 18 October 2022 12:00 AM

තව පවුලක අයියයි, මල්ලිලා දෙන්නයි රටක් ආසියාවේ ආශ්චර්ය බවට පත් කරලා තියෙන්නේ.

:       0       9

විපරමා Tuesday, 18 October 2022 04:33 AM

අපේ රටේ දූෂිත නායකයෝ උගත් බුද්දිමත් අයට නිසි තැනක් නොදීම නිසා රට හැර යනවා. ඒ අතර දේසපාලුවෝ පත්කරගත්තු සමහර උගතුන් ඔවුන්ගේ රූකඩ වෙලා. කරපු දේකුත් නැහැ.

:       0       5

Kamal Tuesday, 18 October 2022 05:31 AM

සතුටුයි මෙ තුන්දෙනෙක්ම මගෙ ගුරුවරු වීම ගැන කැලනිය වෛද්‍යය පීටයෙ

:       0       6

චතුරි Tuesday, 18 October 2022 06:23 AM

පුදුමයි චිචි නැති එක. අප්පාච්චිගෙ මහ මොලකරු. කැරකෙන පුටුවේ ඉදන් තාරකා ගනන්කෙරුවේ. දැන් දරුවො නලවනවා රැකියාවකුත් නැතිව

:       0       8

ලුම්බිණි Tuesday, 18 October 2022 08:49 AM

පසුගිය 2021 ලිස්ට් එකෙත් ලංකාවේ අයගේ නම් තිබුන.

:       1       5

fairoos Tuesday, 18 October 2022 12:13 PM

සුභ පැතුම් .ඒත් කොරෝනා මළසිරුරු භූමිදානයට ඉඩ නොදුන් විද්‍යාඥයන් අපේ රටේ හිටියා.ඒ ගැන කනගාටුයි

:       2       3

de silva berlin Tuesday, 18 October 2022 01:15 PM

මේ ආචාර්යවරු පිළිබඳව ඔවුන් කරපු පරීක්ෂණ පිළිබඳව සහ එමගින් මානව සංහතියට ඇතිවුණු සේවය පිළිබඳව අප කාගේත් දැනගැනීම සඳහා ලංකාදීප වැනි දෙස් විදෙස් ප්‍රචලිත ජනමාධ්‍ය මගින් ලිපි පල කරනවා නම් ඉතා හොඳ බව මගේ අදහස .අප බොහෝ දෙනෙකු මොවුන් පිළිබඳව නොදනිමු

:       0       1

ගීතා පන්නිලගේ Tuesday, 18 October 2022 02:39 PM

අපේ රටට ආඩම්බරයක් ... දැන් පවතින අධ්‍යාපනය ක්‍රමය වෙනස් කිරීම අත්‍යවශ්‍ය කරුණකි..මෙවන් බුද්ධිමතුන් මඟින් අපේ රටේ අනාගත පරපුරට මඟපෙන්වීම ක් කරන්න .. නොඑසේනම් ඉදිරි අනාගතයේදී රටේ නූගතුන්ගෙන් පිරී ඉතිරීයනු නොඅනුමානයි .. ලස්සන රටක් දකිමු අපේ දරුවන් ට රටක් හදමු.

:       0       1

H.R.A.K.Randeniya Tuesday, 18 October 2022 09:25 PM

ඉතා සතුටුයි මේක හොඳ ආරම්භයක් කරගෙන පර්යේෂණ කෙෂත්‍රයේ ඉදිරියටම යමු. නොබෙල් ත්‍යාගයක් බලාපොරොත්තු වෙමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site