IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලොව හොඳම විද්‍යාඥ ලයිස්තුවට මෙවරත් ලංකාවෙන් 35ක්

(සුජිත් හේවාජුලිගේ )

මෙම  වසරේ (2023) ලොව ඉහළම විද්‍යාඥ ලයිස්තුවට( සියයට 2 අතරට)  ශ්‍රී ලාංකික  විද්‍යාඥයෝ 35 දෙනෙක්ද  ඇතුළත්ව සිටිති.

මෙම ශ්‍රේණිගත කිරීම කරනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනපදයේ ස්ටැන්ෆඩර් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් විසිනි.

එම ශ්‍රේණිගත කිරීම් පසුගිය සතියේදී එළි දක්වනු ලැබීය.

මෙම නවතම ශ්‍රේණිගත කිරීම අනුව ලොව ඉහළම විද්‍යාඥයන් අතරට  තේරී සිටින්නේ  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ රනිල් ජයවර්ධන, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශ්ව විද්‍යාලයේ ජනක ඒකනායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  අනුෂ්කා උපමාලි රාජපක්ෂ, වයඹ විශ්වවිද්‍යාලයේ අනෝමා චන්ද්‍රසේකර, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පී රණසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේනක රාජපක්ෂ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවන්ති දේෂානී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සමත් ධර්මරත්න, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භාග්‍යා නතාලි සිල්වා, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ සමන් සේනවීර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේනානායක ඒ.එම් කුලරත්න, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ එම්.ඒ.කේ.එල් දිසානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසංක සංජීව, රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය  චන්න ජයසුමන, යාපනය විශ්වවිද්‍යාලයේ නවරත්නරාජා සතිපරන්, මුණසිංහ සංවර්ධන ආයතනයේ මොහාන් මුණසිංහ,  කැලණිය විශ්වවිද්‍යාලයේ ජානක ඩී සිල්වා, කැලණිය විශ්වවිද්‍යාලයේ අනුරාධනී කස්තුරිරත්න,කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සරෝජ් ජයසිංහ, යාපනය විශ්ව විද්‍යාලයේ රාජන්  රාමසාමි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිරන්ජන් රාජපක්ෂ,කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ  මෙරාන්  කේෂව එදිරිවීර, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ  කමනි මෙන්ඩිස් , කොළඹ විශ්වවිද්‍යාලයේ දිනේෂ්  දර්ශක ජයසේන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉරේෂා මෙන්ඩිස්, ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලයෙහි ධනුෂ්ක උදයංග, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිමාල් සුරවීර, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නදීරා කරුණාවීර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  කසුන් තාඹුගල, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ එච්.ආර් ඩබ්ලිව්  ධර්මරත්න, රජරට ,  විශ්වවිද්‍යාලයේ නුවන් දර්ශන වික්‍රමසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ අසිත ද සිල්වා, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ  සුරේෂ් බෙන්ජමින් සහ  කැලණිය විශ්වවිද්‍යාලයේ  සචිත්  මෙත්තානන්ද  යන විද්‍යාඥයෝ 35  දෙනා වෙති.

මෙම ලැයිස්තුවට ඇතුළත් ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ගෙන් බහුතරය වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධ අය වෙති. රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා මෙම ලැයිස්තුවට අඛණ්ඩව ඇතුළත් වන්නේ තුන්වැනි වතාවටය.



අදහස් (13)

ලොව හොඳම විද්‍යාඥ ලයිස්තුවට මෙවරත් ලංකාවෙන් 35ක්

kas Monday, 09 October 2023 02:51 PM

මේකට කමෙන්ට් නෑ.

:       3       17

Nihal Monday, 09 October 2023 03:45 PM

කොරියාවට කෘෂි විද්‍යාව ඉගෙනගන්න යන විද්‍යාඥයින් වගේ නම් නාමේ වැඩක් නෑ...!

:       1       3

wedage Monday, 09 October 2023 04:10 PM

මොරටුවෙන් සහ රුහුනෙන් කවුරැවත් නැද්ද ?

:       1       4

නිහාල් Monday, 09 October 2023 06:54 PM

රෝහිත රාජපක්ෂ නම අනිවාර්යයෙන් ඇතුළත් කරන්න. ජය නියතයි.

:       3       6

ගමේ එකාලා Monday, 09 October 2023 10:16 PM

මැදමූලනේ අපේ ගමේ එකාගේ නම නැත්තේ මොකද මන්දා ?

:       0       0

රුචිර Tuesday, 10 October 2023 12:01 AM

කොයි අපේ රොකට් විද්‍යාඥයාගේ නම් අනිවාර්යෙන්ම දාන්න.

:       0       2

Kariyawasam Tuesday, 10 October 2023 03:47 AM

මොරටුවේ කවුරුවත් නෑ නේ...

:       0       0

කෞෂාලි ද ආබෲ Tuesday, 10 October 2023 05:16 AM

ඔය මහලොකුවට විද්‍යා ඥා යෝ කියලා කෑ ගහන MLT එක්කෙනෙග්ගෙ වත් නම නැත්තේ මොකද දන්නේ නෑ

:       0       1

chandima Tuesday, 10 October 2023 05:32 AM

ඒ තිස්පහත් අරගලයට අහුවෙලා යයි එහෙනම් ?

:       0       0

LGP. JATHUNARACHCHI. Tuesday, 10 October 2023 06:25 AM

ඒ ඔක්කොම ජාතික. වීරයෝ...!!!!

:       1       0

රොහණ සිරිවර්ධන Tuesday, 10 October 2023 08:54 AM

නිදහස් අධ්‍යපන යේ පදනමින් තමන්ගේ කැපවිමෙන් රට ලබාදුන් කිර්තිය අගය කරමි...මෙි වියතැන්ගෙන් මම ඉල්ලා සිටින්නේ දේශපාලන පක්ෂ වලට යන්නේ නැතිව තමන්ගේ මතය ඉදිරිපත් කර රට සහ ලෝකයේ ඉදිරිගමනට දායක වෙන්න.....කතැ තැමිනි.....මෙි අයගේ ඒ.ඒ. විෂයන් ඇතැල් කරනාමි හොදයි ....රටෙි ඉදිරි ගමනට...දායක නොවන පුවත් කොපමණ පුමාණයකට.....ඉඩ දෙනවා ද.මෙි සමිබන්ධව දෙවනි ලිපියටවත් ඇතැල් කරන්න...ස්තැතියි

:       0       2

Babiloniya Tuesday, 10 October 2023 09:24 AM

අපේ අන්‍ර අය්යා ඕකට දාන්න.

:       0       0

Wanniarachchi Tuesday, 10 October 2023 11:59 AM

සනත් නිශාන්ත ගේ නම නැද්ද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site