IMG-LOGO

ලොව පුරා කොරෝනා මරණ 166,000 පනී

ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් සහ ආර්ථික අර්බුදයක් නිර්මාණය කර ඇති ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 166,000 ඉක්මවා ගියේය.

අද (20) පස්වරු 6 වනවිට ලොව නන්දෙසින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 166,045ක් ලෙස දැක්විණි.
ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන 2,423,504කි.

ලොවපුරා සමස්ත කොරෝනා මරණවලින් හතරෙන් එකක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් එකක් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

එක්සත් රාජධානියෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 121,000 ඉක්මවා ගොස් ඇති අතර එරටින් වාර්තා වන මරණ ගණන 16,000 ඉක්මවා ගොස් ඇත.

දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි. එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 200,210ක් වන අතර එරටින් වාර්තා වන මරණ ගණන 20,852කි. ඉතාලියෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 178,972ක් වන අතර එරටින් වාර්තා වන මරණ ගණන 23,660කි.


විදෙස් වාර්තා ඇසුරිනි

055 


 



අදහස් (1)

ලොව පුරා කොරෝනා මරණ 166,000 පනී

Rohana Tuesday, 21 April 2020 01:35 AM

තත්වය එසේනම් ලංකාවේ එයාර් පෝර්ට් විවෘත කිරීම අති භයානකය. විවෘත කරන්නේ නම් එන සෑම මගියෙක්ම නිරෝධායනය කිරීමට සිදුවේ. නමුත් මෙය කලහැකි දෙයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site