
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව උසම පාලමට හිමි වාර්තාව හිමිකර ගනිමින් චීනයේ හුවාජියෑන්ග් ග්‍රෑන්ඩ් කැන්යන් පාලම අද (28) ජනතා අයිතියට පත්විය. අවුරුදු තුනක් පුරා විශාල කඳු දෙකක් යා කරමින් ඉදිවුණු හුවාජියෑන්ග් පාලම ලොව දිගින් සහ උසින් වැඩිම පාලම වේ.
චීනයේ ග්වීජෝ පළාතේ ඉදිකර ඇති මෙම පාලම පහළ ගලා යන ගංගාවට මීටර් 625 ක් ඉහළින් ඉදිවී ඇත.
මීට පෙර ලොව උසම පාලමට හිමි වාර්තාව හිමිකරගෙන තිබුණේ ද ග්වීජෝ පළාතේම තවත් පාලමකි. මීට පෙරට එම වාර්තාව හිමිකරගෙන තිබූ පාළමේ උස මීටර 565 කි.
එරට මාධ්‍ය හුවාජියෑන්ග් ග්‍රෑන්ඩ් කැන්යන් පාලම නිල වශයෙන් විවෘත කිරීම ඩ්‍රෝන දර්ශන මගින් සජීවීව විකාශය කළ අතර දැවැන්ත ව්‍යුහය හරහා වාහන ගමන් කරන ආකාරය, එහි නිල් ආධාරක කුළුණු අර්ධ වශයෙන් වලාකුළුවලින් වැසී ඇති ආකාරය ඉන් පෙන්නුම් කෙරිණි. හුවාජියෑන්ග් ග්‍රෑන්ඩ් කැන්යන් පාලම විවෘතවීමත් සමග එම ප්‍රදේශ දෙක අතර ගමනාගමනයට ගතවූ කාලය පැය දෙකයි විනාඩි දෙකකින් අඩුවී තිබෙන බව පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ෂැං යින් ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
786
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලොව උසම පාලම
GAMA VARESE Monday, 29 September 2025 01:07 PM
ලංකාවෙ ඔහොම පාලමක්. හැදුවා නම් ජෙප්පෝ මාලිමාවෝ. ඩෙගා නටන හැටි බලාගන්න තිබුනා.. මොවුන් ලංකාවටම ආවේණික වූ දුර්ලභ ගනයේ අහිමාන ගන්ධබ්බ කොට්ටාසයකි...