(සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගයේදී අද (11) ලොරියක් දුම්රිය මාර්ගයේ ධාවනය වී එහි සිරවීම හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව බණ්ඩාරවෙල පොලීසිය කියයි.
හපුතලේ දෙස සිට බණ්ඩාරවල දෙසට ධාවනය වෙමින් තිබූ බඩු පැටවූ ලොරියක් දුම්රිය මාර්ගයේ සිර වී තිබේ.
ඊට සුළු මොහොතකට පෙර බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය එම ස්ථානය පසුකර ගිය බවද, එම දුම්රිය ධාවනයට බාධාවක් වී නැති බවද පොලිසිය කියයි.
මෙම අනතුරින් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ද පොලීසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අනතුරු සිදුකරන්නන් හට අනිවාර්යෙන්ම දඩ මුදලක් පැනවිය යුතුයි. මන්ද කොපමණ මුදලක් දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට අවශ්‍යද? කොපමණ කාලයක් දුම්රිය මගීන් රස්තියාදු වෙනවාද? මෙවැනි අනතුරු සිදුවන්නේ බොහෝ දුරට අධික ලෙස බර පැටවීම,පරණ තත්වයේ ටයර් වැනි හේතු නිසාවේ.
මෙතැනින් කොහොමත් අවුරුද්දට වහන හතර පහක් යනවා...