IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලොරි - ත්‍රිරෝද රථ ගැටී දැරියක් මරුට

(චාපා මධුභාෂිණී)

මැදිරිගිරිය බිසෝපුර ප්‍රධාන මාර්ගයේ වටදාගෙය හතර මංසන්ධිය ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් ඒකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පාසල් දියණියක් මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ බිසෝබණ්ඩාරගම  කේ.ඒම් සංජනා සත්සරණි ජයරත්න නමැති මැදිරිගිරිය ජාතික පාසලේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියකි.

මෙම දැරිය සහ ඇගේ තමත් යෙහෙලියන් පස් දෙනකු සමග නවනගරය ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. 

අනතුරින් සියලු දෙනාම තුවාල ලබා රෝහල් ගත කර ඇත. 

මොවුන් කොහොඹදමන ප්‍රදේශයේ සිට නවනගරය දෙසට ගමන් කරමින් සිටියදී බිසෝපුර ප්‍රදේශයේ සිට මැදිරිගිරිය ප්‍රදේශයට ගමන් කළ ලොරි රථයක  ගැටීමෙන් ත්‍රීරෝද රථය ඒම ප්‍රදේශයේ ප්‍රපාතයකට පෙරලී ඇත.

අනතුරින් තුවාල ලැබූවන පොලොන්නරෙුව මහරෝහලට ඇතුළත් කර ඇති අතර එහි දැඩිසත්කාර ඒ්කකයේ දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටි මියගිය සංජනා සත්සරණි තවත් වැඩිදුර ප්‍රතිකාර සදහා වැලිසර රෝහලට මාරු කර යවා ඇති අතර ඒම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී  මරණයට පත්ව ඇත.



අදහස් (1)

ලොරි - ත්‍රිරෝද රථ ගැටී දැරියක් මරුට

Udhuli Tuesday, 18 April 2023 08:44 AM

දියණියනි ඔයාට නිවන්සුව පතමු.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site