IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


‘’ලැම්බ්ඩා’‘ වයිරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්

'කොවිඩ් 19' ඩෙල්ටා විකෘති ප්‍රභේදයටත් වඩා බිහිසුණු, එන්නත්වලින් මට්ටු කළ නොහැකි 'ලැම්බ්ඩා' විකෘති ප්‍රභේදය මේ වනවිට ලෝකයේ රටවල් 30 කට ව්‍යාප්තවී ඇති බවත්, ඒ ගැන විමසිල්ලෙන් පසුවන බවත්, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

'ලැම්බ්ඩා' යනු ලතින් ඇමෙරිකාවෙන් මතුවුණු 'කොවිඩ් 19' විකෘති ප්‍රභේදයයි. මෙහි ආරම්භය පේරු රාජ්‍යයෙනි. 'ලැම්බාඩා' විකෘතිය සම්බන්ධයෙන් මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමු වී ඇත.

මේ වනවිටත් 'ලැම්බ්ඩා' විකෘතිය සම්බන්ධයෙන් දත්ත සහ තොරතුරු එක් රැස් කර ගනිමින් පවතින බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා 'ඩේලි මිරර්' වෙබ් අඩවියට පවසා ඇත.

කෙසේ නමුත් 'ලැම්බ්ඩා' හෝ 'ඩෙල්ටා' විකෘතිවලින් පමණක් නොව සෙසු විකෘතිවලින් ද ආරක්ෂා වීමට මුහුණු ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය රැක ගැනීම අනිවාර්යය යැයි ද සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අවධාරණය කර තිබේ.

(ඩේලිමිරර්)



අදහස් (11)

‘’ලැම්බ්ඩා’‘ වයිරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්

Chris Wednesday, 07 July 2021 12:33 PM

කොරෝනා වසංගතය විවිධ විකෘති මවමින් දිගින් දිගටම ව්‍යාප්ත වන්නේ නම් ඒ සඳහා කාලීන විසඳුම් සොයා ගැනීමට තවදුරටත් පමා නොවිය යුතුය. ලොව පුරා බොහෝමයක් සෞඛ්‍ය විශේෂඥයන්ගේත් විද්වතුන්ගේත් අදහස වන්නේ කොරෝනා වසංගතය නිමාවක් දකින දිනය කවදාදැයි කිසිවකුටත් කිව නොහැකි බවය. ඇතැම් විට එය සෙම්ප්‍රතිශ්‍යාව මෙන් පොදු බෝවෙන රෝගයක් වශයෙන් සැමදා ලොව පුරා පවතිනු ඇති බවට පුරෝකථනය කරන පිරිසක් ද වෙති.

:       0       10

මුණසිංහ Wednesday, 07 July 2021 01:03 PM

අවධානයෙන් ඉන්නෙ මොටද, ඔන්න ආව කියන්නද? ඩෙල්ටා ගැනත් ඔහොම කිවුවා . අන්තිමේ 10-15 හොයා ගන්නකම් දන්නෙ නැහැ.

:       23       204

සනත් ගමගේ Wednesday, 07 July 2021 01:16 PM

කොවිඩ් උපත සිදුවූයේ යැයි කියන චීනයේ අළුතින් සොයාගත් ප්‍ර බේදයන් තියනවාද දැන් දිනෙන් දින වෙනත් රටවල් අළුත් නම් වලින් කොවිඩ් සොයාගනී. මේවාට නම් දාන්නේ කෙසේද. කාලගුන විද්‍යා දෙපාර්තුමේන්තුව නම් සුලි සුලං වලට නම් කලින් ලැයිස්තුගත කර ගෙන සිටිනව. කොවිඩ් වලටත් එසේ නම් ලැයිස්තු ගත කර සිටීනවානම් අපේ රටේ හොඳ නම් තියනව. ඒ සඳහා මහජන අදහස් ලබාගන්න. දැන් තරඟයට කොවිඩ් ප්‍ර බේද සොයාගත් බව කියා ජනතාව බියගන්වන බවක් පේන්න තියනව. ඒක හොඳයි. සෞඛය පුරුදු ටිකවත් හරියට පිළිපදින්න.ඒත් මීට කලින් අපේ ලංකාවෙත් දරුණයි කිවූ ප්‍ර බේද ගැන දැන් කතාබහක් නැහ.

:       8       19

මුණසිංහ Wednesday, 07 July 2021 03:58 PM

නම් දාන්නේ නම් ග්‍රීක හෝඩියේ අකුරු අරගෙන. ඒත් මේ යන විදියට ඒකෙ තියෙන අක්ෂර ටික ඉවර වේවි මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්ම .

:       0       22

PrabhaWednesday, 07 July 2021 05:51 PM

බිහිසුණු ලෙඩකට මොන වැදගත් නම්ද

:       0       0

chanda Wednesday, 07 July 2021 02:31 PM

"ලැම්බ්ඩා’‘ වයිරසය ඇමතිධූරයක් අරන් පාර්ලිමේන්තුවට.

:       4       631

Nuwan Wednesday, 07 July 2021 04:53 PM

බොරු සමාජගත වෙනවා

:       0       28

රමණි Wednesday, 07 July 2021 07:59 PM

මේ වචනය උච්චාරණය කරන්නේ ලැම්ඩා යනුවෙන්. බී අකුර ශබ්ද කරන්නේ නැහැ. මේ ලියන්නේ නියම උච්චාරණය දැන සිටීම වැදගත් නිසා.

:       0       0

Bishan Wednesday, 07 July 2021 10:30 PM

ඕකට වඩා භයානකයි බැසිල් ප්‍රභේදය...

:       0       0

Saman Thursday, 08 July 2021 07:44 AM

මීලගට ඇම්ඩා වෛරසය...

:       0       1

mahesh jaya Thursday, 08 July 2021 08:08 AM

මොන ලැම්ඩාලා ආවත් මෙහෙ ඉන්නේ ඇම්ඩාලා... අපිට කොලේ වහලා ගේම් ගහනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 36 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 194 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 532 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site