සිරියානු ලෙබනන් දේශසීමාවේ ධාවනය වෙමින් තිබූ කැබ් රියක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් කැබ් රියේ සිටි සිවු දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.

කැබ් රියේ ගමන් කරමින් සිටි කලීඩ් මොහොම්මඩ් අල් අහ්මඩ් නමැති සිරියානු ජාතිකයා යැයි පැවැසෙයි. මොහු ලෙබනනයේ ක්‍රියාත්මක පලස්තීන ඉස්ලාමීය ජිහාද් සංවිධානයේ නායකයා යැයි ඊශ්‍රායල හමුදාව පවසයි.