(ඩයනා උදයංගනී)
පොදු ප්‍රවාහන සේවාවන් ලබන සඳුදා (8) සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම කෙරෙහි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම හා කොවිඞ් 19 වසංගත තත්ත්වය හා සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ක්‍රියාත්මක කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (2) සාකච්ඡාවක් පැවති අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.
මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ලංකා ගමනා ගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිසම යන ආයතනයන්හි සභාපතිවරු හා අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින් ද සහභාගි වී සිටියහ.
ලබන සඳුදා සිට දුම්රිය හා බස් රථ ඇතුලු පොදු ප්‍රවාහණ සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමත්, එහිදී මතුවන ගැටළු හා අභියෝගවලට මුහුණ දෙන ආකාරයත් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
කොවිඞ් 19 වසංගත තත්ත්වය නිසා ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහණය අනිවාර්යය කර ඇති නිසා දැනට පවතින බස් රථ ප්‍රමාණවත් නොවිය හැකි බැවින් දැනට තිබෙන පුද්ගලික හා ලංගම බස් රථ උපරිමයෙන් ධාවනය කිරීමට අමතරව පාසැල් ප්‍රවාහණ බස් රථ, විනෝද හා වන්දනා ගමන් සඳහා යොදාගෙන ඇති බස් රථ මෙන්ම ලියාපදිංචි කිරීමේ පොරොත්තු ලේඛනයේ ඇති සියලු බස් රථ තාවකාලිකව මගී ප්‍රවාහණයට යොදාගැනීමටත් මෙහිදී තීරණය කළ බව ද අමාත්‍යවරයා කීවේය.
එම බස් රථ තාවකාලික ලියාපදංචි කිරීම හෙට (3) සිටම ඇරඹෙන අතර ජාතික ගමනාගමන කොමිසම හෝ ලංකා ගමනාගමන මණ්ඩලය මගින් අදාල ලියාපදිංචි කිරීම් සිදුකෙරේ.
දැනට ලංගම බස් රථ 5300ක් හා පුද්ගලික බස් රථ 23000ක් පමණ ධාවනය වුව ද මේ වන විට එය ප්‍රමාණවත් නොමැති බවත්, ඒ හේතුවෙන් මගීන්ට ආසන නොමැතිව හිටගෙනයාමට පවා සිදුව ඇති බවත් මහින්ද අමරවීර මහතා පැවසීය.
එමෙන්ම සාමාන්‍යයෙන දිනකට දුම්රියන්හි මගීන් 1.47,00ක් පමණ ගමන් කරන අතර දුම්රිය තුළ ආසන ඇත්තේ 25,000ක් පමණ අඩු ප්‍රමාණයක් බවත්, ඉදිරියේදී ආසන ගණනට මගීන් ප්‍රවාහනය කළ යුතු නිසා දුම්රියේ ගමන් කිරීම අත්‍යාවශ්‍ය ගමන්බිමන් සඳහා පමණක් සීමා කරන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා කීවේය.
COMMENTS
ආසන ගණනටවත් මගීන් ගෙනයන්න ක්‍රමයක් දුම්රිය සේවයට නැහැ කියන්නේ මෙය දියුණු කිරීමට පාලකයින් කිසිඳු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නැතිබවයි. ආසන ගණන වගේ හය ගුණයක් මගීන් ගමන් කරනවා කියන්නේ මගී ඉල්ලුමට සරිලන සේ දුම්රිය සේවයේ කිසිම වැඩිදියුණුවක් කර නොමැති බවයි...
පොදු ප්‍රවාහන සේවා සාමාන්‍යකරණය කිරීම හොඳයි. එනමුත් දැනට ක්‍රියාත්මක රාත්‍රී පැය හයේ ඇඳිරි නීතිය තව මසක්වත් අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුයි.
මේ ඇමති කරන්නේ සාකච්ඡා විතරයි. ඔහේ කරපුදෙන්... ඉතින් මැතිවරණෙන් පැරදෙනකම් විතරයිනේ...
ඔය ඇමතිතුමා කියන ඒවා නම් ගණන් ගන්න ඕන නැහැ. ආපු ගමන් කිව්වා සෙමි ලක්ෂරි සේවාව නවත්වනවා කියලා. මොකුත් වුනේ නැහැ,. බස්වල දුම්රියවල සියලු දෙනාට වැඩිවෙලා යන්න කටයුතු කරනවා කිව්වා.. කියන බොරුවේ හැටියට කියන කොට එයාටම හිනා යනවා. තවලම ඔහොමම යයි. ගාණක් නැහැ.. ලබන සැරෙත් යවමු..
කාර්යාල වේලාවන් තුලදී වත් හලාවත බස් නැහැ.