ඩයනා උදයංගනී
අයවැයක් සකස් කර ඉදිරිපත් කරන තෙක්, ලබන වසරේ මුල් මාස 4 සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලෙස රුපියල් බිලියන 1,735ක මුදලක් වෙන්කර ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ බව සම කැබිනට් ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
රජයේ පොදු සේවාවන් පවත්වාගෙනයාම සඳහා රුපියල් බිලියන 760ක්, වියදම් දැරීම සඳහා දැනටමත් විවිධ නීති මගින් බලය ලබාදී ඇති වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 970ක්, රජයේ අත්තිකාරකම් ගිණුම් කටයුතු සඳහා රුපියල් බිලියන 5ක් වශයෙන් මෙම මුදල වෙන්කර ගැනීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට කලින් සහන ගෝනි පිටින් දෙන්න වගෙයි සූදානම...
පළමුව කරපු,.. තවතව කරගන්නා වූ වැරදි නිවැරදි කරගත යුතුයි නේද?
කොහොමද ඉතින් ඕක සම්මත කරගන්නේ මන්ත්‍රී තුමා? ඒකත් කිව්වා නම් නේද හොඳ?
මේක මහා විකාරරූපී කාලයක්. පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව අටවාගත් නෛතික නොවන රජයක් කොහොමද මේවා කරන්නේ? මේ වැඩවලින් රට කණපිට පෙරළෙනවා විතරක් නොවෙයි ජාත්‍යන්තරයේදී අප ලෝකයේ හුදකලා වෙනවා වගේම කොන් වෙනවා. බලයට කෑදර පිරිසකගේ මොට්ට මෝල් වැඩ නිසා රට අගාධයට යනවා. ඒකේ අහිතකර විපාක විඳින්න වෙන්නේ අහිංසක ජනතාවට. ජනාධිපතිවරයා රට ගැන සිතා දැන් කළයුතු වන්නේ පැවැති රජය නැවත පත්කොට ඔවුන් හා එකඟතාවයකට පැමිණ පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යාමයි. එසේ නැතිව පටු අරමුණු වෙනුවෙන් නෛතික නොවන ක්‍රියාවන්වල නිරතවීම නොවේ.
අපේ පොඩි එකත් අයවැයක් හදලා. සෑම ළමයාටම සෙල්ලම් කාර් නොමිලේ. සැමටම නොමිලේ අයිස්ක්‍රීම්... ඒකෙයි මේකෙයි වෙනසක් නැහැ. මොකද දෙකටම පාර්ලිමේන්තු අනුමැතිය ගන්න බෑ. මෙයාලා ජනතාවට කොකා පෙන්නනවා.
බිලියන 1735 කියන්නේ කෝටි 173500 ක්. අවුරුද්දට අවම වශයෙන් ඒවගේ තුන්ගුණයක්වත් ඕනෑ. ඒ කියන්නේ කෝටි 520500 ක්. 2018 මුළු වියදම කෝටි 300000 ක්. මේ අතිරේක කෝටි 200000 සොයාගන්නේ කොහොමද?
සනත් මහතාට පිළිතුරු... අපි මුදල් අච්චු ගහනවා. කඩදාසි වියදම පමණයි වැයවන්නේ...
පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයකින් පරාජයවුනු පාර්ෂවයක් රජය වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන්නේ කෙසේද: