
(අංජුල මහික වීරරත්න)
පසුගිය වසරවල සංඛ්‍යා ලේඛන හා ප්‍රස්ථාර සටහන් නිරීක්ෂණය කිරීමේදී සෑම වසරකම ජූනි සහ ජූලි මාසවල ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් පෙන්නුම් කරන බැවින් ලබන වසරේ ජූනි මාසයට පෙර සිටම විශේෂ ඩෙංගු මර්දන ව්‍යාපෘති ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය උපදෙස් දුන්නාය.
කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙම කමිටු රැස්වීම පැවැත්විණි
කොළඹ දිස්ත්‍රික්කයේ අප ජලාපවහනය සහ ඝන අපද්‍රව්‍ය රැස්වීම බරපතල ගැටලුවක් බැවින් එය ඉතා ඉක්මනින් විසඳිය යුතු බව කී අග්‍රාමාත්‍යවරිය ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමේදී ආයතනික හෝ ප්‍රාදේශීය සීමාවලට කොටු නොවී කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නාය.
මෙය සමස්ත රටම මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වයක් බැවින් කොළඹ දිස්ත්‍රික්කයේ අපජල සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරිය සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන්නාය.
එමෙන්ම, අපජල සහ ඝන අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කිරීම ජාතික අවශ්‍යතාවක් බව ජනතාව දැනුවත් කිරීම මගින් ඔවුන්ගේ යහපත් ප්‍රතිචාර සහ පූර්ණ සහයෝගය ලබාගත හැකි බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
මෙහිදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ සැප්තැම්බර් මස පළමු සතිය වන විට ඩෙංගු රෝගීන් වාර්තා වීම සියයට 40 දක්වා අඩුවී ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd