
(මනෝප්‍රිය ගුණසේකර)
ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාසිවන අන්දමට ඔහුගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීමෙන් රජයට පාඩු සිදු කළ බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කිත්සිරි රණවක මහතාට එරෙහි නඩුවෙන් විත්තිකරුවගේ වාචික නොකැඳවාම ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය.
විත්තකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුකොට නොමැති බව විත්තිකරුවන් නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
පසගිය අවස්ථාවේ පැමිණිල්ලේ සාක්කි විභාගය අවසන් බව දැනුම් දිමෙන් අනතුරුව විත්තියේ වාචික කැඳවනවාද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීම සඳහා නඩුව කැඳවනු ලැබී අවස්ථාවේ විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
69 ලක්ශයට පින් සිද්ධවෙන්න ස' පවුලේම නඩු ටික ගොඩ දැම්මා. කවුද කියන්නේ ස' ෆේල් කියලා. ස' තමයි හොදටම කලේ.
ඔබ අඩුම ගානෙ ලිත් මුද්‍රණයෙන් වුන පාඩුව සඳහන් කරන්නෙත් නැහැ. එම ගාන නැතුව මෙම ප්‍රවෘත්තියේ ඇති වටිනාකම කුමක්ද?
හුණුවිටක දෙයක් හොරා කාපු නැති මේ අහිංසක මනුස්සයාට යහපාලන ආණුඩුව ලිත් නඩුවක් හා පුාදේශීය සභාවලට ජීඅයි බට දුන්නාට නඩු දැම්මානේ. උසාවියේ විත්තිවාචිකයක්වත් ඉදිරිපත් නොකරම පැමිණිල්ලේ නඩුව අවසන්වූ වහාම අපරාධ නඩු විධාන සංගහයෙ 200(1) වගන්තිය යටතේ මේ අහිංසකයාව නිදහස් කළානේ. බලන්නකෝ මේ වගේ හොරකම් කරන්ඩ තියා ඒ ගැන තුන්හිතක අදහසක් පහළ වෙන්නේ නැති අහිංසකයන්ට යහපාලන ආණ්ඩුව කරදර කරලා තියනෙ තරම.
මේවා 69 ලක්ෂයට සහ 56 ලක්ෂයට ලැබුණු ලොකු ජයග්‍රහණය. 56 ලක්ෂය ජනවරමට අවුරුදු පහක්තුල නඩු සේරම කල් දෙම්ම. 69 ලක්ෂය ජනවරමට නිදොස්කොට නිදහස්. රනිල් අහනවා ඔහු හොරක්ද නැද්ද කියල. ඉතින් කොව්ද හොරුන්?
ආණ්ඩුවට කොවිඩ් අස්සේ සහන දෙන්න බැරි වුණාට, නඩුවලින් නිදොස්කොට නිදහස් කරන්න පුළුවන් වුනා. එක හරි කලා.
ජනතා බදු මුදල් සහ වටිනා කාලය නාස්ති කිරීමක්, කරුණාකර දේශපාලන මැති ඇමැතිවරුන්ට නඩු ගොනු කිරීමෙන් වළකින ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කටයුතු සිදුකරන අයගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි, මේ තාක් කල් දැනුවත්ව දියවන්නාවේ හිටපු සහ සිටින කිසිම කෙනෙක්ට එරෙහිව නඩු පවරා ජයගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අයට නොහැකි වී ( හෝ නොකර) ඇත
මේ ආණ්ඩුවේ සියලු දෙනාටම විරුද්ධව තිබෙන නඩු එක වරකින්ම නිදහස් කොට අවසන් කල නොහැකිද?
ගෙවල් වල ලිත් ගහපු එවුන් තමයි මේවට වැරදි කාරයෝ.
මොන නඩුවෙන් නිදහස් වුනත් හෘද සාක්ෂියේ නඩුවෙන් නිදහස් වෙනවා බොරු.අහිංසක දුප්පත් මිනිස්සු එදා වේල ගැටගහගෙන ජීවත්වීමට දරන මහන්සියට මේගොල්ලෝ වගකිවයුත්තන්ය.
එක රටක එක නීතියක් මල් පල ගැන්වු තව මොහොතක්
කාටද ආඩම්බර ?
එදා මෙදා තුරාවටම මේ රටේ පහළ වූ දේශපාලකයින් සියලු දෙනා සාන්තුවරයන්ය... කිසිඳු දූෂණයක්, වංචාවක් කිසිදිනක සිදුවී නැත. මෙරටේ බොහෝ අධිකරණවල අරුථකථනය එයයි. මින් ඉදිරියට මෙවැනි නඩු පැවරීම නීතිපතිවරයා නොකළ යුතුයි. අපරාදෙ අධිකරණයට ගිය වියදම්... අපි පව් හලෝ...
නීතිය කාටත් පොදුයි කියලා තිබුණාට දූෂිත දේශපාලුවන්ට එය අදාළ නැත.
එක රටක්, එකම නිතියක්...
අපි ඒ ගැන වඩාත් හොඳින් දැනගත්තා...!!!
මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.., මේක තමයි එක රටක්, එක නීතියක් කියන්නේ... මේ තමයි සැමට එක ලෙස සැලකීම කියන්නේ, මේ තමයි රාජපක්ෂවාදය කියන්නේ, මේ තමයි නීතියේ සාධාරණත්වය කියන්නේ, මේ තමයි 69 ලක්ෂයක් ඉල්ලූ දේ කියන්නේ, මේ තමයි සෞභාග්‍යය කියන්නේ, මේ තමයි රට ඉදිරියටම අරන් යනවා කියන්නේ, මේ තමයි "මම තමයි හොඳටම කෙරුවේ" කියන්නේ. අවසානයේ මේ තමයි කිසිම හිරිකිතයක් නැතිකම කියන්නේ...!
හොරාගේ අම්මාගෙන් පේන අහනවා..!
අපි තමයි හොඳටම නිදොස්කොට නිදහස් කරේ... ජයවේවා..!!
මම හිතන්නේ මෙයාලා රජයට ගොට්ට අල්ලනවා වගේ... පුදුමයි ඒත් ඇත්තයි.
එතකොට ලිත් නොමිලේද මුද්‍රණය කරලා තියෙන්නේ? කවුද රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වියදම ගෙවලා තියෙන්නේ? මොකක් නැතත් සර් ඉතිහාසගත වෙනවා... නඩුවලින් හොරු නිදහස් කළා කියලා...
20A, 19A ට වඩා බලවත්...! ඒක රාජපක්ෂවරුන්ට බොහෝ ප්‍රතිලාභ දායකයි.
සමන්ත ඉතින් ඒක පුදුමයක් නෙමේනේ. මොකද පොහොට්ටුවට බලය ගන්න ඕනේවුණු ලොකුම ප්‍රොජෙක්ට් එක ඕකනේ. ඉතින් ඒක ඒ විදිහට වෙනවා. රටට හෙණ ගැහුවා එක ප්‍රශ්නයක් නැත්නම් දැන්.... හැබැයි ප්‍රශ්නේ ඉවර කරන්න අපි දෙන්නේ නෑ. බලමු.... තීන්දුව ගැන අපිට ප්‍රශ්න තියෙනවා.
මේ නඩු තීන්දුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාමත් අහිතකර පූර්වාදර්ශයක් වෙනවා. ආණ්ඩු බලය තියෙන දේශපාලන පක්ෂයට කිසිම සීමාවක් නැතුව රජයේ දේපළ සහ මුදල් ඉදිරියට පැවැත්වෙන මැතිවරණවලදී භාවිතා කරන්න නීතියෙන්ම නිදහස ලැබෙනවා....
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...!!!
දැන් සැපයිද?
පට්ට හොරු තමයි....!
අවුරුදු 2කට නඩු කීයකින් නිදහස් කළාද? ඊළඟ අවුරුදු 3ත් හොඳටම කරගමු...
රාජපක්ෂවරුන්ට හැර එක් රටක් එක් නීතියක් ලෙස නිවැරදි වියයුතුයි. ඇරත් පැමිණිල්ලේ වාසියට තීන්දුවක් දෙන්නේ කොහොමද? ශිරාණි බණ්ඩාරනායක මහත්මියට සිදුවුණු දේ කවුරුත් දන්නවා ඇති...