
(යොහාන් භාසුර)
ලුණු ආනයනය අත්හිටුවීමෙන් පසුව මෙරට ළගාවූ ලුණු මෙට්‍රික්ටොන් 40,000ක් පමණ අඩංගු කන්ටේනර් 1500 කට වැඩි සංඛ්‍යාවක් කොළඹ වරායේ ගොඩගැසී ඇති බව ආනයනකරුවෝ පවසති.
ලුණු ආනයනය පසුගිය වසරේ ජූනි මස අත්හිටුවූවද එම අත්හිටුවීමට පෙර නැව්ගත කළ ලුණු තොගයක් මෙසේ නිදහස් කරගැනීමට නොහැකිව වරායේ සිරවී ඇති බව කියන ආනයනකරුවෝ ඇතැම් කන්ටේනර් මීට මාස 6කට පමණ පෙර කොළඹ වරායට ළගාවූ ඒව බව ද ඔවුහු සඳහන් කළහ.
රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිහේවා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ එම ලුණු කන්ටේනර් 1500 කට වැඩි සංඛ්‍යාව රේගුව සිරවී නොමැති බවත් ආනයනය කළ ලුණු නිදහස් කිරීම ගැසට් නිවේදනයකින් අත්හිටුවා තිබීම නිසා රේගුවට ඒවා නිදහස් කිරීමට බලයක් නොහැකි බවත්ය.
මෙම ලුණු සම්බන්ධයෙන් ආනයනකරුවන්ට කළ හැකි එකම විකල්පය එම කන්ටේනර් ප්‍රතිඅපනයනය කිරීම බවත් එම කන්ටේනර් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට කිසිඳු වගකීමක් නොමැති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියො නානවනෙ.. ඔය තියෙන්නෙ ලූනුවල ෆොටෝ එකක් මිසක් ලුනු නෙමෙයි .. ඔය කියන්නෙ ලුනු ගැන