
ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා පත් කර තිබේ.
හිටපු සභාපති තෙසාර ජයසිංහ මහතා අද (13) එම තනතුරින් ඉවත් කිරීමෙන් පසු මෙලෙස නව සභාපතිවරයා පත් කෙරිණි.

( අජන්ත කුමාර අගලකඩ)
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙසාර ජයසිංහ මහතා අද (13) දිනයේ දී ඉන් ඉවත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
සමාගමේ නව සභාපතිවරයා ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා පත් කිරීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග වලින් පැවසේ.
ගෑස් හිඟය සහ ගෑස්වල සංයුතිය සම්බන්ධයෙන් රට තුළ ඇතිව තිබෙන බරපතළ අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජයසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් කෙරෙන බව ද පැවසේ.
සමාගමේ හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා ඉවත්වීමෙන් පසුව තෙෂාර ජයසිංහ මහතා එම ධුරයට පත් කරනු ලැබීය .
නව රජය බලයට පත්වීමෙන් පසුව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහා සභාපතිවරුන් දෙදෙනකු පත්කර පත්කළ අතර,රේණුක පෙරේරා මහතා එම ධුරයට පත් කරනු ලබන්නේ තෙවැනි සභාපතිවරයා වශයෙනි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවත් කලාටනම් කම් නැත, පත් උනාටද කම් නැත,
මෙයාවත් පාරිභෝගික වංචා කරන්නේ නැතුව.
ඉවත් කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ.
මේ ආණ්ඩුව ලේකම්වරු, උපදේශකවරු, සභාපතිලා අයින් කරනවා, අමාත්‍යංශ විෂයම් වෙනස් කරනවා. නමුත් තාම ප්‍රශ්න නම් විසඳිලා නැහැ. ක්‍රයාත්මක කරන්න බැරි දේවල් කරන්න ගිහින් මේ ආණ්ඩුව අනාගත්තා. ඊයේ මහින්දානදත් කිව්වා කාබනික පොහොරට මගඩියක් කියල. ඉතින් ඔහු නොකියාම කියන්නේ ආණ්ඩුව ෆයිල් අසාර්ථක කියල.
ප්‍රශ්නයට පිළිතුර අස්කිරීම විතරද? වරදට දඬුවම් නැද්ද? ජීවිත දේපල හානිවලට වගකිවයුත්තෝ කවුරුන්ද?
මෙහෙම ඔළු මාරුකරලා පවතින බැරෑරුම් ප්‍රශ්නයට කඩිනම් විසදුමක් ලැබෙයිද ???
ගෑස් වල ප්‍රමිතිය තියාගන්න බැරි මොහු කලින්ම ඉවත්කරන්න තිබුනා.
මේ හාදයත් මේ ගෑස් ව්‍යසනයට වගකියන්න ඕන තමයි නමුත් මෙයත් එක්කම මෙයාට කලින් ඉවත්කරන්න ඕන කට්ටිය ඉන්නවා උන්නැහේ අසමත් විත්තිය මුළු රටමදන්නව දැන් පොහොර ප්‍රශ්නේ නිර්මාතෘ කව්ද ? අන්තිමට ද මහින්දානන්දගේ කරපිටින් ඔක්කොම යනවා මේකත් එහෙම තමයි කුබුරේ ගොයම් ටික මුවන් කනකොට ගෙදර තියන මුව හමට තඩිබානවා ( හැබැයි දැන් මුවන්ට නෙමී ඕන එකෙකුට කන්න කුබුරුවල ගොයම් තියනවා මොකද කාබනික පොහොර දමල ගොයම් හැදිලා කියන්නේ මාර හැදිල්ක්!)
ලිට්රෝ සභාපති පනුවෝ ගහල කුණුවෙලා ඕජස් ගලනකොට තමය් අයින්කරේ...අනේ මෙහෙම ගොන් පාලනයක්???හරි ආණ්ඩුවක් තිබුනානම් ගෑස් බෝම්බ වලින් විනාස වුනු මිනිස් ජිවිත,ගෙවල් දොරවල් වලට නඩු අහල ලිට්රෝ සබාපතිව හිරේ දාල ඉවරය්.රටේ ජනතාවගේ අවනඩුව කාට කියන්නද? මේවා ඉතින් හෙන ගහන අපරාද.
මිනිස්සුන්ට සහ රජයට සිදු වු හානිය සුලු පටු නැත. කල් වැඩියි ඉවත් කරන්න
මේ ආණ්ඩුවට පුළුවන් එක දෙයයි. සභාපති සහ ලේකම් ඉවත් කිරීම් විතරයි .තවත් 3ක් මෙහෙම ගියොත් රටට අබ සරණයි
අවුල තියෙන්නේ රට කරවන පවුලේ. තව තවත් අනිත් අය අස් කරලා වැඩක් නැහැ. රාජපක්ෂ පවුල පිටින් පාලනයෙන් වහා ඉල්ලා අස්වෙන්න.
අලුත් සභාපතිට තියෙන පරණ සභාපතිට නැති විශේෂ සුදුසුකම් මොනවද.?
මෙම දේශපාලන හෙංචයියන් ඉතා දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයින්, ඔවුන් කිසිදු ප්‍රශ්නයක් නොමැතිව එක් ආයතනයකින් තවත් ආයතනයකට මාරු කළ හැකිය, ඕනෑම ආයතනයක් පවත්වාගෙන යා හැකිය,
මොහු තමන්ගේ හිටපු නායකයෙක්ට සිදුකල මඩගැසීමක් 12 දින රාත්‍රි පුවත් මගින් දැක්කා. මෙහෙම මඩයෙක් ගෑස් වලට මොනවා කරයිද හිතාගන්න බැහැ
රේණුකා පෙරේරා-මාධ්‍ය සංදර්ශන තියනකොට අපිට හිතුනා ලොකු පිනක් පලදෙන්න යන බව
කැහි ගෑනී දීලා හොටු ගෑනී ගත්තා වගේ වියත් මගෙන් පස්සේ තවත් සුදුසුම කෙනක්ව පත් කරලා. මේවා තමා විද්‍යානූකූල පත් කිරීම් කියන්නේ. මේ ආන්ඩුවේ ගැසට් ගැහිල්ල වගේම තමා සභාපති ලා පත් කිරීමත්. රට්ටුන්ට උන හානිය ඕතනින් ඉවරයි. චෝදනාත් ඉවරයි. ලෙඩා මැරුනත් බඩ සුද්දයි.
කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. මුහුණේ වෙනසක් පමණි.
අලුත් සභාපතිගේ ගෙදරත් දර ලිපෙන් ලු උයන්නේ.
කොට්ට මාරු කරලා හරිද
කට ඇද කර කර කෙබරම කිය කිය හිටියා මිසක් මහජනයාගෙ යහපතට කිසිම දෙයක් කරපු නැති එක්කෙනෙක් .
සභාපති මාරුකරලා විතරක් හරියන්නේ නැහැ.ප්‍රශ්නයට නිසි පිළියම් යෙදිය යුතුයි.