
(යොහාන් භාසුර)
විවාදයට තුඩු දී තිබෙන ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකේ සභාපතිවරු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (17) පෙරවරුවේ කැඳවා තිබුණි.
ලිට්‍රෝ ගෑස් සමගාමේ සභාපති ටෙෂාර ජයසිංහ සහ ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය යන මහත්වරුට අද පෙරවරු 10.00 මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.
සභාපතිවරු දෙපළට අමතරව ශ්‍රී ලංකා කාර්මික තාක්‍ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාට ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණෙන ලෙස දැනුම්දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාෆ් කියන්නෙ පෞද්ගලික ආයතනයක් කියමුකො. ලිට්‍රෝ එකට පත් කලේ ආණ්ඩුවට ගැති අය මිසක් වෙන කවුද? බොරුවට සභාපතිට විතරක් ලෙඩ ටික පටවලා ආණ්ඩුවට සුදනන් විය නොහැක්කේ මේ රටේ නායකයො යැයි කියා ගන්නා අය රටේ ජනතාවට ප්‍රශ්නයක් ඇති විට උසුළු විසුළු කරමින් මාධ්‍යයෙන් අසන ප්‍රශ්න මග හරිමින් ඉන්න සැහැල්ලුව දුටු විටයි. මාධ්‍යය අහන්නෙත් ජනතාවට තිබෙන දැවෙන ප්‍රශ්න. කිහිප දෙනෙක් මැරුණට පස්සෙ දැන් කිඹුල් කදුළු හෙලුවට ඒ මැරුණු අය එන්නෙ නෑ.
කොහේට ගෙන්නුවත් ගෑස් ලොක්කෝ නිවැරැදි කරුවෝ වී නිදහස් වී ගෑස් ලිපේ උයපු පාරිභෝගිකයන් වැරදි කරුවෝ වේවී.නාට්‍ය රඟපාලා පෙන්නන්නේ නැතුව පාඩුවේ හිටියනම් ඔයිට වඩා හොදයි