IMG-LOGO

ලිට්‍රෝ ලොක්කෙක් තනතුරු දෙකක් දරලා

(මුදිතා දයානන්ද)

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනයේ හිටපු සභාපතිවරයකු නිසි අනුමැතියකින් තොරව එම ආයතනයේ විධායක නිලධාරි තනතුර ද දරමින් තනතුරු දෙක සඳහාම වැටුප්, වාහන, ඉන්ධන දීමනා සහ විනෝදාස්වාද දීමනා ඇතුළුව මසකට රුපියල් ලක්ෂ පහළොවකට අධික මුදලක් වැටුප් හා දීමනා ලෙස ලබාගෙන ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

විගණන වාර්තාවට අනුව එම හිටපු සභාපතිවරයා සභාපති ධුරය සඳහා වන රුපියල් 5,75,000ක මාසික වැටුප ද විධායක නිලධාරියා සඳහා වන වැටුපෙන් සියයට පනහක් ද ලබාගෙන ඇත.

එසේම ඔහු විධායක නිලධාරියාට හිමි රුපියල් 150,000ක මාසික විනෝදාස්වාද දීමනාවක් ද ලබාගෙන ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

විගණන වාර්තාවට අනුව එක් නිලධාරියකු සඳහා මාසික වාහන දීමනාව ලෙස අනුමත කර ඇත්තේ රුපියල් 50,000ක් වුවද මෙම හිටපු සභාපතිවරයා තනතුරු දෙක වෙනුවෙන් මාසික වාහන දීමනාව ලෙස රුපියල් 4,43,300ක දීමනාවක් ලබාගෙන ඇත.

 එම විගණන වාර්තාවට අනුව මෙම තනතුර සඳහා අනුමත මාසික ඉන්ධන දීමනාව ලීටර් 150ක් වුවද සභාපතිවරයා තනතුරු දෙක සඳහා මාසිකව ඉන්ධන ලීටර් 500ක් ලබාගෙන ඇත.

 චක්‍රලේඛවලට පටහැනිව මාසිකව රුපියල් 50,000ක රියැදුරු දීමනාවක් ද හිටපු සභාපතිවරයා විසින් ගනු ලැබ ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

මෙම තනතුරු දෙකම එකම පුද්ගලයකු විසින් දරනු ලැබීම ද ඔහු අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන්නකු වීම නිසා එම තනතුරු දෙක සඳහා ප්‍රතිලාභ පිළිබඳ තීරණ ගැනීමේදී ළැදියාවන් අතර ගැටුමක් ඇති කරන බව ද එම වාර්තාවේ සඳහන් කර තිබේ.

විගණන වාර්තාවට අනුව ඉහත ගෙවීම් කිරීම සඳහා තීරණ ගෙන තිබෙන්නේ ඔහු ද නියෝජනය කරන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් වන අතර ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ගත යුතු වුවද එසේ අනුමැතිය ලබාගෙන නැත.

විගණකාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට නිකුත් කළ විගණන වාර්තාවකිනි.

සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන පරිදි 2019 වසරෙන් පසු මේ දක්වා සමාගමේ සභාපති හා  ප්‍රධාන විධායක නිලධාරී තනතුරු දෙකම දරන්නේ එකම පුද්ගලයෙකි.



අදහස් (6)

ලිට්‍රෝ ලොක්කෙක් තනතුරු දෙකක් දරලා

Bamunuarachchi Monday, 20 February 2023 09:47 PM

ලිට්‍රෝ ලොක්කා ඔය ටික කරන බව විගණන වාර්තාවේන් කියන තුරු කව්රුවත් දැනගෙන සිටියේ නැද්ද? විහිළු තමයි. දැනුත් එහෙම අය ඉන්නවාද සොයා බලන්න.?

:       0       1

CK.Lankaputhra Monday, 20 February 2023 10:38 PM

ඉතින් මොකද? කතාව ඔතනින් ඉවරයි. මේක සිරි ලන්කාවනෙ.

:       0       1

SIRIPALA Monday, 20 February 2023 11:03 PM

හිටපු සභාපතිවරයකු නිසි අනුමැතියකින් තොරව එම ආයතනයේ විධායක නිලධාරි තනතුර ද දරමින් තනතුරු දෙක සඳහාම වැටුප්, වාහන, ඉන්ධන දීමනා සහ විනෝදාස්වාද දීමනා ඇතුළුව මසකට රුපියල් ලක්ෂ පහළොවකට අධික මුදලක් වැටුප් හා දීමනා ලෙස ලබාගෙන තිබ්නාවූ මුදල අපසු ලබාගත යුතුවේ. ආයතන පාඩු වීමට ප්‍රධාන කරණය නම් ඉහල නිලධාරීන්ට ගෙවනාවූ වටුප්සහ දීමන වේ. මේ පිලිබදව නැවත සලකාබල මෙම වැටුප් අඩුකිරීමට කටයුතු කල යුතුවේ මාසික වැටුප දීමනාද ඇතුළුව ලක්ෂ 2 - 2.5 අතර විය යුතුවේ

:       0       0

Perera Tuesday, 21 February 2023 12:05 AM

රාජපක්ෂ ක්‍රමවේදය .ඕනෑතරම් ගසා කාපල්ලා ,අපි ඒවා හොයන්නේ නැහැ .හැබැයි අපේ ඒවා හොයන්න එන්න එපා

:       0       2

කුංජීත කුඩුගල ආරච්චි Tuesday, 21 February 2023 08:46 AM

මේ වගේ දේවල් ගැන සොයා බැලීම ඉතාමත් හොදයි. රටේ මූල්‍ය ප්‍රශ්නයක් තිබෙන මේ වෙලාවේ, වැඩිපුර ලබාගත් මුදල් ආපසු ලබාගන්න. මේවගේ සිද්ධියක් Iktar ආයතනයෙත් වෙලා තියෙනවාලු මීට වසර කීපයකට පෙර.

:       0       1

fairoos Tuesday, 21 February 2023 12:35 PM

ඝෝටාභයගෙ ආන්ඩුව වැඩ තමයි තවත් අවුරුදු 2ක් යනකොට ලංකාවෙ නැත්ත්තටම නැති වෙලායයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 446 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 619 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site