(යොහාන් භාසුර)
ප්‍රමිතිය පිළිබඳ ගැටලුව හේතුවෙන් ගොඩබෑම අත්හිටවූ ගෑස් සම්බන්ධයෙන් නැවත තත්ව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇතැයි එම සමාගමෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
ලිට්‍රෝ ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 6400ක් ගබඩා කර ඇති නැව් දෙකක ගෑස් ප්‍රමිතියෙන් තොර යැයි තීරණය කරමින් පාරිභෝගික අධිකාරිය ඒවා ගොඩබෑම අත්හිටුවීය.
මෙම තීරණයත් සමග අදාල නෞකා දෙක මේ වන විට උස්වැටකෙයියාව මුහුදු තීරයේ නැංගුරම්ලා තිබෙන අතර එම ගෑස් තොගය නිදහස් කර ගැනීම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.
ගෑස්වල සුවඳ වහනය වීමට යොදන 'එතිල් මර්කැප්ටන්' නැමැති රසායනික ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයට අදාල නෞකා දෙකේ ඇති ගෑස්වල අඩංගු වී නොමැති බව පරීක්ෂණවලින් තහවුරු වීමෙන් මෙසේ ගොඩබෑම අත්හිටුවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තේය.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය උසස් නිලධාරියෙකුගෙන් මේ පිළිබඳව අද (16) පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ අදාල නෞකා දෙකේ ගෑස් එම ආයතනයේ මැදිහත්වීමෙන් පරික්ෂා නොකළ බවත් තම ආයතනයේ සාමාජිකයෙකු ඒකාබද්ධ විශේෂ තාක්ෂණ කමිටුවේ සාමාජිකත්වය දැරීම පමණක් සිදුකළ බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිදුවන සියල්ල විහිළු බවට ජනතාව තේරුම් ගෙන තිබේ.
කොච්චර කළත් ඔච්චරයි. ජනතාවගේ ජීවිත අනතුරේ හෙළන්න එපා..
කවුරුත් කලබල වෙන්න එපා. ලිට්‍රෝ කියන්නෙ වියත් මගේ කෙරුමෙක්. ඒගොල්ලගෙ කැමැත්ත පරිදි සියල්ල සිදුවේවි. අපි බලා ඉමු.
තාක්ෂණය අවමව තිබූ අතීතයේ හා දශක ගණනාවක් කරගෙන ආව ගෑස් කොම්පැනිය මේ ආණ්ඩුව ආවාම මේ තරම් ගැටළුවක් වෙන්නේ අතයට ගනුදෙණු නිසා සහ මෙහි දේශපාලකයින්ගේ ආශිර්වාද ලත් ලොක්කන්ගේ තියන දූෂිත බව නිසා වියහැකියි යන සාධාරණ සැකය මතුවෙනවා. දැන් ඒක හේතු පාදක කරගෙන ආණ්ඩුවේ හිතවතෙකුට රජයේ සමාගම පවරන්න උත්සාහ කරනවාද දන්නේ නෑ. කරුණාකර පිළිස්සුම් තුවාල සහ දේපළ අලාභ වූවන්ට වන්දි ගෙවන්න.