
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 343 කින් වැඩි කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පස්වරුවේ පැවසීය.
ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 137 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 63 කින් ද, ඉහළ දැමූ බවත් නව මිල අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.
එම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3470 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1393 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 650 දක්වා ද වැඩි වූ බවත් මුදිත පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3,127 ක ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1,256 ක ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 587 ක ද, පැවතුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත් සහ අජිත් නිදහස් කළා කියලා දිවයින පත්තරේ තිබුණා විදේශිකයෙකුට ලංකාවේ මහජන මුදල් දුන්නා කියලා කවදා නිදහස් කරපු අය ලංකාවේ මුදල් විදේශිකයෙකුට දීලා නැද්ද?
නියමයි...! ඉතාමත්ම හොඳ තීරණයක්. මම නම් කියන්නේ ඔයිට වඩා තව මිල වැඩිකළ යුතුයි.. කිරි හොදියි, බතුයි, දරලිපේ උයාගෙන කන්න හුරුකළ යුතුයි.. නැත්නම් කාලා තෙල වැඩිවෙලා දේශපාලන රැස්වීම් වල ඕනෑවට වඩා හුරේ දානවා... හොඳ වැඩේ...!!!
ලෝකවෙළෙඳ පලේ ගෑස්මිල වැඩිවෙනවිට ලෝකයේ වෙනත් රටවල මෙන් ලංකාවේත් ගෑස්මිල වැඩි කරනවා. අඩුවෙන විට මිල අඩුකරනවා... ලෝකයේ කවුරුත් කිසිවක් ලංකාවට නොමිලයේ දෙන්නේ නැති බව දේශපාලකයින්ට මෙතෙක් රැවටුණු ඡන්ද දයකයින් තේරුම්ගත යුතුයි...
ලංකාවේ තරගකාරී වෙළෙඳපල කියන්නේ... තරගයට මිල වැඩි කරන එකටද?
අනේ! ගරු සභාපති තුමණි, ඔය ගමන්ම අර මාර්කටි එකේ Rotate වෙන පලුදු ගෑස් කෑන් වලත් අලුතින් තීන්ත ස්ප්‍රේ කරවන්නකො, එතකොට ඔබ තුමා වගෙ කෑනුත් ස්මාරටි ලුකිං ඇපියරන්ස් නෙ. දැං price සුත් smart . මගෙ අඹු සිගිත්ත, කබල් වෙචිච සිලිංඩරයක් මං උස්සං ආව කියල දැමිමනෙ දෝස් මුරයක්, මමත් අතඇරිය නෑ. තරහටත් එක්ක සිලිංඩරය කරතියා ගෙනම ඇවිල්ල අලුත් එකකට මාරු කරගෙන ගියා. ඒකත් ඉතිං ??????. පස්සේ අඹුසිගිත්ත මුදිතාව ස්.ස්.කිය කිය පීරිගාන්න පටං ගත්ත. මම සද්ද නැතුව ලොබියේ ඉන්න (TV) සුන්දරිය බදා ගත්ත.