(මහින්ද නිශ්ශංක)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ බස් ඩිපෝවල පසුගිය කාලය තුළ වාර්තා වූ විෂමාචාරයන් සම්බන්ධව පුළුල් විමර්ශනයක් කිරීමට සිව්පුද්ගල විශේෂ විමර්ශන කමිටුවක් පත්කර තිබේ.
ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතා විසින් මෙම කමිටුව පත්කර ඇත.
ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සැලසුම්) තිලකරත්න බණ්ඩා මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නයෝමි ජයවර්ධන, නීති නිලධාරිනී ප්‍රියන්ති ගුණසේකර හා අභ්‍යන්තර විගණන නිලධාරී වී.කේ.එච්. කෝලිත යන මහත්ම මහත්මීහු කටයුතු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක ඩිපෝ එකක විතරක් අඩුමගානේ මාස එකක්වත් විගණනය කරන්න වේවි...!! තවවිදියකින් කීවොත් ලබන පාර එන ආණ්ඩුව විසුරුවලත් ඉවරවුණාට පස්සේ තමයි වාර්තාව එළියට එන්නේ. ඒ වෙනකොට තව තව ක්‍රමවේද සොයාගනිවී දුෂණය පවත්වාගෙන යන්න.
අපේ රටේ කොමිෂන්, කමිටුවලින් කිසිම අඩුවක් නෑ. මේ වගේ කමිටුවක් හරි කොමිසමක් දාල බලාගෙන ඉන්න තමයි තියෙන්නේ.
පහුගිය ආණ්ඩුව කාලෙ විතරක් නෙවෙයි ඊට පෙරත් ලංගමයේ විතරක් නෙවෙයි හුගක් ආයතන වල විෂමාචාර සිද්ධ වූනා.