(යොහාන් භාසුර)
ලංකා ගමනා ගමන මණ්ඩල (ලංගම) බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් මුදල් අය කිරීම වෙනුවට කිව්.ආර්. ක්‍රමයක් එසේ නැත්නම් කාඩ්පත් ක්‍රමයක් මෙම වසර තුළ හදුන්වා දෙන බව ප්‍රවාහන, මහාමාර්ගය සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඇතැම් ලංගම ඩිපෝ පාඩු ලැබීමට හේතුව ඇතැම් බස් රථවලින් නියමිත පරිදි මුදල් නොලැබීම බව කී අමාත්‍යවරයා 2025 වන විට ලංගම පාඩු නොලබන ආයතනයක් බවට පත්කිරීමට සැළසුම් සකස් කර ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක් ක්‍රියාත්මක කරනවා නම්, නමුත් මේ වගේ දේවල් වලට මේ අය වැඩිපුර උන්නදු වෙන්නේ තමන්ගේ සාක්කුවට කීයක් හරි වැටෙනවා නම් විතරයි. පෞද්ගලික බස් සේවයට මේ කාඩ්පත් ක්‍රමය හඳුන්වා දුන්නේ මම දන්නා හැටියට 2007 දී විතර නමුත් තවම එය ක්‍රියාත්මක කරගන්න බැරිවෙලා තියෙනවා.
මේකත් පෞද්ගලීකරණය කරන්න
බන්දුල ගුණවර්ධන බස් එකේ වැඩට යන්නේ කවදාද? අඩුම තරමේ එයාගේ පවුලේ අයවත්. බලන්න දේශපාලන මාෆියාවේ තරම...
කෙටි දුර සඳහා බොහෝවිට ටිකට් දෙන්නේ නැහැ .සමහරවිට ඉතුරු මුදල් කාසි දෙන්නෙත් නැහැ .හොඳ වැඩක් මෙය හඳුන්වා දෙන්න
හොද අදහසක්, සමහර කොන්දොස්තරල හොඳඩට හොයනව මගින්ට ටිකට් දෙන්නෙ නැතිව ගාස්තු අරගෙන.