
(ඉන්දිකා රාමනායක)
ලංගම බස් රථයක් ඉස්සර කිරීමට නොදීමේ සිද්ධියක් මුල්කරගෙන කොළඹ ගෑස්පහ හංදියේදී ක්‍රිකට් පිති, යකඩ පොලු රැගෙන ලංගම බස් රථයකට ගොඩ වී රියදුරුට, කොන්දොස්තරට හා බස් රථයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණයන් පස් දෙනකු අද (8) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කැකිරාව ඩිපෝවට අයත් මෙම බස් රථයට රුපියල් 40,000 ට ආසන්න අලාභයක් සිදුව ඇති බවද පොලිසිය පවසයි.
ගලෙන්බිදුනුවැව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු මෙම බස් රථයට ඊයේ (7) සවස කැලණිතිස්ස විදුලි බලාගාරය අසලදී යතුරු පැදියයකට ඉස්සර කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් යතුරුපැදිය පැදවු වයස අවුරුදු 18 ක පමණ තරුණයකු රියදුරු සමග බහින් බස් වී ඇති බව පොලිසියට පැමිණිලි ලැබී ඇත.
සැකකරුවන් පිරිස ගෑස්පහ හංදිය ප්‍රදේශයේ බස් රථය නවත්වාගෙන මෙම පහර දීම සිදුකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් හෙළි වු තොරතුරු අනුව සෙසු සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මේ අයගේ නම්ගම් ඡායාරූපද සමගම මාධ්‍යවල ප්‍රසිද්ධ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. මේ අයට උපරිම දඬුවම් ලැබේවා...!!!
අවුරුදු 18ක ළමයෙක් කියන්නේ ඉගෙනගන්න වයස... මේ වගේ දේකට පාරේදි බහින් බස් වෙන්න තරම් අපේ සමාජේ නරක් වෙළාද? මේ වයස්වල කරන්න ඕනේ තමන්ගේ අනාගතේට වැඩ කිරීම නොවේද? චණ්ඩි එක්ක එකතු වෙලා පොදු දේපල හානි කිරීමයි, මාර්ග නීති කඩකරමින් බයික් පැදීම වීරකමක්ද?
බොහෝ මෝටර් සයිකල් කාරයන් පාරට මහ හිසරදයක්... පයින් යන කෙනෙකුට යන්න නැහැ. නීතියක් නොදන්නම ගානයි. වමෙන් තමයි ඉස්සර කරන්නම යන්නේ. මේ අයට දැඩි දඬුවම් දෙන්නම ඕනෑ. ට්‍රැෆික් පොලිසිය නිදි මේවා දකින්නේ නැහැ.