(සමන් පාලිත නානායක්කාර )

බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ රාත්‍රී නවතා තිබූ වැල්ලවාය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් කිසිවෙකු විසින් පැහැර ගෙන ගොස් දියතලාව  වැලිහෙලගම  ප්‍රදේශයේ දමා ගොස් තිබියදී අද (25 ) උදෑසන හමු වූ බව බණ්ඩාරවෙල පොලිසිය පැවසීය.

පැහැරගෙන ගොස් ඇත්තේ වැල්ලවාය ඩිපෝවට අයත් මාතර බණ්ඩාරවෙල ධාවනය වන බස්  රථයක් බව ද පොලිසිය පැවසීය.

මාතර සිට බණ්ඩාරවෙල ට පැමිණ බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම් පලේ සුපුරුදු ලෙස රාත්‍රියේ ගාල් කර මාතර  දක්වා ගමන් ඇරඹීමට අද අලුයම 6.45 ට රියදුරු පැමිණ බස් රථය සෙවීමේදී බස්  රථය නොමැති වූ විට ඒ බව පොලිසියට පැමිණිලි කර තිබේ.

පසුව බස් රථය දියතලාව වැලිහෙලගම ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය බස් රථය සොයාගෙන තිබේ.