
(විමුක්ති සංජය පෙරේරා)
මහියංගනය ලොග්ගල් ඔය ජලාශයේ ඉස්මත්තේ තිබු විදේශ රටක නිශ්පාදිත දුම් බෝම්බ 37 ක් සොයාගත් බව මහියංගණ පොලිසිය පවසයි .
මසුන් ඇල්ලිමට ගිය ධිවරයකු මෙම දුම්බෝම්බ දැක මහියංගන පොලිසිය දැනුවත් කර ඇති අතර පොලිස් නිළධාරින් පැමිණ පරික්ෂා කර මෙම බෝම්බ දුම් බෝම්බ බවට හදුනාගෙන ඇති අතර දුම්බෝම්බ තොගය පොලිස් විශේෂ කාර්ය බළකායට බාරදීමට නියමිතව ඇත .
මෙම දිනවල ලෝග්ගල්ලා ඔය ජලාශයේ ජලය සිදී ගොස් ඇති අතර කිසියම් පුද්ගලයෙකු විසින් ජලය තිබියදි මෙම දුම් බෝම්බ ගෙනවිත් දමා ඇති බවට පොලිසිය සැක කරයි.
මෙම ස්ථානයට මීටර් 500ක් පමණ දුරින් වියානා ඇලේ තිබි මිලිමිටර් 9 ගිනි අවියක් සහ ජිව උණ්ඩ තොගයක්ද පසුගිය 14 වැනි දින හමුවු බවත් මේ සම්බන්ධයෙන් විදිමත් පරික්ෂණයක් සිදුකරණ බව මහියංගණ පොලිසිය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියල එකා දෙන්න අහුවෙනකොට, අයියලගේ ලොක්කන්ටත් ....වීගෙන යනකොට සිඟිති පාතාලේ සසල වෙලා වගේ.
සමාජය කලබලයට පත්කරලා සතුටක් ලබන උන්මන්ථකයින් පිරිසකගේ වැඩක් විය හැකිය.
එම්බල තැම්බුන් හොද්දේ...අපේ පළපුරුදු ෆෙරාරි සීයා පසුගිය කාලේ ගහලා ඉතුරුවෙච්ච කල්ඉකුත්වූ දුම් බෝම්බ ටිකක් තමයි මේ ගෙදර යනගමන්ජලාශයට වීසිකරල ගිහිං තියෙන්නේ. එයත් කල්ඉකුත්වෙලා නිසානේ ගෙදර ගියේ.