(ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ලබා දීමෙන් පසු කෝට්ටේ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරියක් ඇතුළු පිරිසක් ලේක්හවුස් ආයතන ඉදිරිපිට කළහකාරි ලෙස හැසිරීම හේතුවෙන් එම ප‍්‍රදේශයේ නොසන්සුන්තාවක් හටගෙන තිබේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා අතිරේක පොලිස් කණ්ඩායම්, කැරලි මර්දන කණ්ඩායම් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් ඒ ප‍්‍රදේශයට කැඳවා තිබුණි.
මෙහිදී ගුටි බැට හුවමාරුවක් ද සිදුවී ඇති අතර ලේක්හවුස් ආයතන ඉදිරිපිට ආරක්ෂාව තරකර ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩු පෙරලෙන පෙරලෙන සැරේට ඒ අයගේ අය පුරවන පත්තර කන්තෝරුවකින් ජනතාවට ලැබෙන කිසිම පලක් නැහැ! මාර්ටින් වික්‍රමසිංහ , නිස්සංක, මීමන වගේ මිනිසුන් සේවය කරපු ස්ථානයකට අපොයි, දෙයියනේ ගිය කල!
හැබැයි ඉතින් මේ නඩු තීන්දුව අනෙක් අතට ගියානම් ලේක්හවුස් නෙමෙයි මුළු ලංකාවේම ආරක්ෂාව තර කරන්න වෙනවා