IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලක්ෂ 50 රක්ෂණය ගන්න යාළුවා ලවා බිරිය මරයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ එම් සුසිල් ප්‍රියන්ත)

රුපියල් ලක්ෂ 20ක  මුදල් කොන්ත්‍රාත්තුවක් මිතුරකුට ලබාදෙන බවට පොරොන්දු වී ඔහු ලවා බිරිඳ කැබ් රථයකට යටකර ඝාතනය කිරීමට සැලැස්වූ බව කියන එම කාන්තාවගේ 24 හැවිරිදි සැමියා පිටිගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුගේ බිරිඳ ලක්ෂ පනහකට ජීවිත රක්ෂණ හතරක් ලබාගෙන තිබූ අතර එම රක්ෂණ වන්දිය ලබාගැනීමට මෙවැන්නක් සිදු කර ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

හිතාමතාම කැබ් රථයට යට කර මෙම කාන්තාව ඝාතනය කළේ යැයි අත්අඩංගුවට ගෙන සිටින 24 හැවිරිදි සැකකරුගේ හොඳම මිතුරා අත්අඩංගුවට ගැනීමට පිටිගල පොලිසිය පුළුල් පරික්ෂණ පවත්වාගෙන යයි.

බිරිඳ හදිසි රිය අනතුරකට ලක් වී මිය ගිය බව ඒත්තු යන ආකාරයට ඇය ඝාතනය කිරීමට සැකකාර සැමියා සහ ඔහුගේහොඳම මිතුරා සැලසුම් කර ඇතැයි කියති.

අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිඳ ඇඟලුම් කම්හල් සේවිකාවක් බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පිටිගල පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.  ඇයජීවිත  රක්ෂණ හතරක් සිදු කරගෙන ඒ සඳහා ඔප්පු හතරක් ද ලබාගෙන තිබිණි යැයි පොලීසිය කියයි.

බිරිඳවාහනයකට හිතාමතාම හප්පා ඝාතනය කර එය හදිසි අනතුරකින් සිදු වූවක් බවට රක්ෂණ සමාගමටඔප්පුකර පෙන්වාඇයගේ රක්ෂණ වන්දි මුදල් ලබාගැනීමට සැමියා මෙවැනි සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිසිය කියයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ තල් ගස් වල, වත්තහේන ,දියකිතුල්කන්ද්ප්‍රදේශයේ පදිංචිව සිටි හතළිස් හැවිරිදිවන්නිආරච්චිලාගේ නිරෝෂා උදයාංගනී  නැමැති ඇඟලුම් කම්හල් සේවිකාවකි.

අත්අඩංගුවට ගත් 24 හැවිරිදි සැකකරු ගාල්ලප්‍රදේශයේ පදිංචි රැකියා විරහිත තරුණයෙකි.

 



අදහස් (3)

ලක්ෂ 50 රක්ෂණය ගන්න යාළුවා ලවා බිරිය මරයි

Perakum Thursday, 04 May 2023 02:05 PM

40යි 24යි රැකියා විරහිතයි…! හේතුව අමුතුවෙන් කියන්න ඕනද? සමහර ඇඟලුම් කම්හල් සේවිකාවන්ට තියන අමුතු උණක් මේක. මේ ලෙඩේට මෙතෙක් බෙහෙතක් සොයාගෙන නැත.

:       1       1

මංජුල Thursday, 04 May 2023 09:00 PM

මේකා මනු යක්ෂයෙක්... ඇය හීනෙන්වත් හිතන්න නැතිව ඇති.

:       2       0

bamunuarachchi Friday, 05 May 2023 09:22 AM

රක්ෂණ හතරක් තිබුනාට වන්දිය ලැබෙන්නේ එකරක්ෂණයකින් කියලා මොවුන් දන්නේ නැද්ද?

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site