
( සිතුම් චතුරංග)
මන්නාරම, කරත්තෝල් වෙරළ තීරයේ සඟවා තිබූ රුපියල් ලක්ෂ 50 අධික වටිනාකමින්යුත් කේරළ ගංජා කිලෝ 45 ග්‍රෑම් 325 සමඟ පුද්ගලයකු අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය කියයි.
වෙරළ තිරයේ ගැඹුරු වළක් තුළ සූක්ෂම ලෙස ගබඩාකොට තිබූ කේරළ ගංජා මෙලෙස අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
පසුගිය (21) කේරළ ගංජා ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවකුගෙන් අධිකරණ නියෝග යටතේ රදවාගෙන සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මෙම කේරළ ගංජා තොගය සොයාගත් බව පොලිසිය පැවසීය.
සැකකරු ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවකින් කේරළ ගංජා රැගෙනවිත් තිබූ අතර කිලෝ හතකට ආසන්න ප්‍රමණයක් අලෙවි කිරීම සඳහා සූදානම් කොට සිටියදී මන්නාරම කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවටගෙන තිබිණි.
පොලිසිය පැවසූයේ සැකකරු දීර්ඝ කාලයක් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර ඉල්ලුම අනුව වෙරළ තීරයේ පොළව යට ගබඩා කොට තිබෙන කේරළ ගංජා රැගෙන අලෙවිකොට ඇති බවද පොලිසිය පැවසීය.
කේරළ ගංජා මාළු ප්‍රවාහනය කරන ලොරි රථවල සඟවා කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම්කොට තිබූ බවට සිදුකළ විමර්ශන අනාවරණයවූ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ප්රවෘත්ති හරියට වෙළඳ දැන්වීම් වගේ. ඕනි කෙනෙක්ට පුළුවන් නිලධාරීන් සම්බන්ධ කරගෙන අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය රාජ්‍ය අංශයෙන් මිලදී ගන්න. ඇත්තටම රජය මැදිහත් වෙලා ප්‍රවාහන පහසුකම් සලසා දෙන මෙන් යෝජනා කරන්නත් කැමතියි. මත්ද්‍රව්‍ය අත්අඩංගුවට අරගෙන ගිනි තබා විනාශ කරන වෙනත් රටවලට ආදර්ශයක් අපේ රට.